AI and Deep learning

Upsal
Written by Upsal on
AI and Deep learning

Deep learning සිස්ටම් වල ඒ සදහා විවිධ ආකාර යොදා ගන්නවා . සමහර වෙලාවට ඔවුන් කලින් අනුමාන කරපු දෙයක් මිනිසුන්ට හදුනා ගන්න දීලා බලනවා ඒක නිවැරදිද කියලා . රොබෝ කෙනෙක් නොවන බවට පෙන්වන්න ඔය කැප්චා පසල් විසඳන කොට බලන්න සමහර තැන් වල ලයිට් බාගෙට කැපිලා එකම වාහනේ කොටු තුනක විතර . ඉතින් අපිටම සැකයි මෙතනින් මොන කොටු ටිකද වාහනය හැටියට තෝරන්න ඕනි , මෙතනින් වාහනය වෙන්නේ මොකද්ද වගේ දේවල් ගැන. අන්න ඒ දත්ත හරිම වැදගත් අර ඩීප් ලර්නින් සිස්ටම් වලට. ඉස්සරහට ඔටෝ ඩ්‍රයිවින් වාහන සදහා අවශ්‍ය වෙන විවිධ වස්තූන් හඳුනාගන්න අපි විසින් ලබාදෙන මේ දත්ත උපයෝගී කරගන්න පුළුවන්. මේක ඉස්සරහට ගූගල් මැප්ස් වලට ඉන්ටර්ග්‍රෙට් කරනවා . දැනටමත් ටැෆික් ලයිට් තිබෙන තැන් පෙන්වනවද මන්දා. කොහොම උනත් ඒ හරහා ඊලගට එන රියදුරු රහිත වාහන සදහා මෙය යොදා ගැනීම තමයි බලාපොරාත්තුව. ඔවුන් විස්තර කරන විදිහට මේකෙන් පරිෂිලකයන්ගේ ආරක්ෂාව සැලසෙනවා වගේම තාක්ෂනය පැත්තත් දියුණු කරන්න උපකාර වෙනවා . මම හිතන්නේ කලින් තිබුනු අකුරු කැප්චා යොදා ගත්තා ගූගල් ලෙන්ස් වල ට්‍රාන්ස්ලේෂන් වලට එහෙම. ඒක හරියටම දන්නේ නෑ. කොහොම නමුත ගූගල් ලෙන්ස් දැන් හරිම සාර්තකයි වගේම හරිම ප්‍රයෝජනවත් . ගූගල් පේපර් එකක් සහ නිව්ස් ආ්ටිකල් එකක් .

Traffic light mapping and detection

WHY DO ONLINE CAPTCHA BOXES SHOW TRAFFIC PICTURES?

‍මේ තියෙන්නේ ඔවුන්ගේ තවත් එවැනි වෙබ් අඩවියක් .ඔවුන් දක්වන දේ අදින්න ඉන්පසු මැෂින් ලර්නින් සිස්ටම් එකට ඒක අදුරා ගන්න දෙන්න.

Can a neural network learn to recognize doodling?

තව verbal සහ text quarry පාදක වෙච්ච ක්‍රමලේඛනයන් දියුණු කර ගෙන යනවා . NVIDIA එකෙන් මයින් ක්‍රාෆ්ට් වගේ බේසික් ග්‍රැෆික්ස් ඇඩ්වාන්ස් ග්‍රැෆික් වලට කන්වර්ට් කරන වැඩසටහනක් හදුන්වා දුන්නා . දැන් මිනිස්සු වගේම ටොපික් එකක් දීපුවහම කතා ලියන, කවි ලියන, සිංදු ලියන , යූටියුබ් විඩියෝස් හදලා දෙන, ආර්ටිකල් ඇනලයිස් කරලා දෙන, ආර්ටිකල් ලියලා දෙන සිස්ටම් ඕනෙ තරම් තියෙනවා. මේ ලගදී මම ඔය එකක රෙජිස්ටර් වෙලා ඔවුන් මට කතා කරා ජොයින් වෙන්චර් එකකට ඔවුන්ගේ පද්ධතිය ප්‍රමෝට් කරන්න. එතනදි උනේ මම හිතන විදිහට ඔවුන්ගේ ෆොර්ම් පුරවද්දි මම මගේ අවශ්‍යතාවය මොකද්ද කියලා තිබුනු එකකට ටිකක් වෙනස් බයිලාවක් දැම්මා. ඒ උනාට ඒ ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ 😃 ඇමරිකන් කම්පැනි එකක්. ඊට පස්සේ පෝන් ආන්සර් කරන්න ගියේ නෑ. නමුත් තේරුම් ගන්න තියෙන දේ තමයි මේ ක්ෂේත්‍රයේ දැන් එච්චර තරගකාරී බවකුත් තියෙන බව. හැබැයි එහෙමයි කියලා මිනිසුන්ගේ නිර්මාණශීළීත්වය නැති වෙයි කියලා හිතනවා නම් ඒකත් වැරදී.

ජෙනටික්ස් අධ්‍යනය සදහා පවා අද සිස්ටම් පුහුණු කරනවා . ඉස්සරහට ක්වොන්ටම් කම්පියුටින් හොදටම සාර්තක වෙච්ච ගමන් P vs NP ගැටලුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ පිලිකා වලට උනත් බෙහෙත් හොයන එක වගේම මුලින්ම ප්‍රඩික්ට් කරන එකත් අමාරු වෙන්නේ නෑ. මම දැක්ක panda කියලා සිස්ටම් එකක්, (AI සිස්ටම් එකක්ද මන්දා) ඩේටා ඇනලයිස් කරන්න හරිම ලේසි ඉන්ටර්ෆේස් එකක් දැන් පයිතන් වල පාවිච්චි කරනවා. ඒක මල්ටි ඩයිමෙන්ෂන් ඉන්ෆොමේෂන් සිස්ටම් පවා පහසුවෙන් ඇනලයිස් කරනවා . චාර්ට් එකක් ඇඳගන්න උනත් පේලි දෙක තුනයි යන්නේ. තොරතුරු ඇනලයිස් කිරීම තමයි මේ හැම තැනදිම වැදගත් වෙන්නේ .

‍මේවා ගැන බයවෙන්න දෙයක් නෑ. මේවා තමයි ඇත්තටම ඉදිරියට එන්න ඕනෑ දේවල් . උදේ 8 ඉදන් 5 වෙනකම් කොන්ද නමාගෙන වැඩකරන එකෙයි මේ ට්‍රැෆික් වල පන දාගෙන වාහන එලවන ඒවායෙයි මොකද්ද තියෙන සතුට?

ගූගල් මැෂින් ලර්නින් සිස්ටම් ඉගෙන ගැනීම සදහා අලුතෙන් පාථාමාලාවක් දාලා තියෙනවා නොමිලේ.LEARN WITH GOOGLE AI මේවා දැන් හරිම වැදගත් . දැන් මිනිසුන්ට තියෙන වැඩේ මේ පද්ධති ඒ ඒ ක්ෂේත්‍රයන් වලට ගැලපෙන ආකාරයට සැකසීමට උදව් කිරීම. එහෙම නැතිනම් ඒ ගැලපෙන ආකාරයට මෙවැනි පද්ධති නිර්මාණය . මුල ඉදන් පටන් ගැනීමක් නෑ හැබැයි. ‍මුලින් යම් පුහුණුවක් කරපු පද්ධතියක් පසුව AI එකක් ලෙස භාවිතා කිරීම හෝ අලුත් පද්ධතියක් පුහුණු කිරීම වගේ දෙයක් වෙන්න පුලුවන්.

ඔය AI බේස්ඩ් හයි එන්ඩ් සිස්ටම් හරිම සුලු මුදලකට දැන් රෙන්ට් කරන්නත් පුලුවන් . මාසෙකට ඩොලර් පහකට විතර වගේ මුදලකට. මේක නම් මේ දැන් හොයලා ගත්තු එකක් මිල ගණන් බැලුවේ නෑ. නමුත් බලන්න රිසෝසස් දිහා.

Best GPU for Deep Learning

ACCELERATING AI WITH GPUs

Comments

comments powered by Disqus