ආලෝකයේ ප්‍රවේගය ඉක්මවූ පරමාණු
ක්වොන්ටම් ටනලින් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා . ක්වොන්ටම් ලෝකයේ වස්තූන්ග් හැසිරීම අපි සාමාන්‍යයෙන් අහන දකින ලෝකයේ වස්තු හැසිරීම් වලට වඩා වෙනස්.
අපි ටෙනිස් බෝලයක් අරන් බිත්තයකට ගැහුවොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම බෝලය පොලා පනින බව නැතිනම් වැදිලා ආපසු එන බව . අපි ක්වොන්ටම් ලෝකයට ගිහින් ඔය වැඩේ කලා කියමු . එතකොට සමහර වෙලාවට දකින්න හම්බ වෙනවා බෝලය බිත්තියේ වැදිලා ආපසු ඒනනේ නැතුව අනෙක් පසට පැන ඇති බව . ක්වොන්ටම් ටනලින් කිය්නනේ ඔන්න ඔය වගේ සිදුවීඹකට . ඉලෙක්ට්‍රෝණ වැනි අංශුන්ට හෝපරමාණු වලට පුලුවන් වෙලාවකට ඊට වඩා වැඩි ශක්තියකින් යුුතු බාධක හරහා යම් ආකාරයකින් අනෙක් පසට රිංගා යාමට මේක හැම වෙලේම වෙන දේකුත් නෙමෙයි . නමුත් ඒක අපි දන් න සම්භාව්‍ය භෞතික විද්‍යෘ අනුව නම් වෙන්න බැරි දෙයක් . සමහර විට සමාන ආරෝපන ධරන ක්ශේත්‍ර තුලින් පවා විකර්ශනය වෙනවා වෙනුවට යම් ආකාරයකින් රිංගා යාමේ හැකියාව අංශු වලට පවතිනවා. පරිඝනකවල ප්‍රොසෙසර් එක තවතවත් කුඩා කිරීඹ නෙහැකි වීමටඕකත් හේතුවක් . මොකද ඊට පසු වැඩි සම්භාවිතාවයක් තිබෙනවා ඉකේට්‍රෝණ තැනින් තැනට ටනල් වීමට. මේක කොහොමද වෙන්නේ කියල එක කිසි කෙනෙක් දන්නේ නෑ වගේම කාලයක් තිස්සේ විද්‍යෘඥයින් විශෟවාස කලා මේ සිදුවීමට කාලයක් ගත නොවන බව. එනම් යම් බාධකයක් විනිවිද අනෙක් පසින් මතුවීඹට අංශුවකට කාලයක් ගත නොවන බව . නමුත් පසුව පැමිනි පර්යේෂනයකින් පෙන්වා දෙනු ලැබුවා ඒ සදහා යම් කාලයක් ගත වන බව හා ක්ෂනිකව සිදු උණත් එය ආලෝක්‍රයේ ප්‍රවේගය ඉක්ම නොවන බව.
නමුත් පසුගිය ජූනි මාසයේ පලවුනු https://www.nature.com/articles/s41586-020-2490-7 මේ වාර්තාව අනුව Ramón Ramos, David Spierings, Isabelle Racicot & Aephraim M. Steinberg නැමති පර්යේෂකයන් පිරිසක් රුබීඩියම් පරමාණු විකර්ශක ලේසර් ධාරාවකින් ටනලින් වීම නිරීක්ෂනය කර තිබුනා. ඔවුන්ගේ ගණනය කිරරීම් වලින් නැවත පෙනී ගොස් තිබෙන්නේ පරමාණු ටනලින් වීම සදහා කාලයක් ගත උණත් ඒ වේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන බවයි.
ඒ වගේම ඔවුන් මෙයම ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් බාධකයක් ලෙස යොදා ගෙනද පරීක්ෂා කර බලා තිබුනා . M. Steinberg නැමති පර්යේෂකයා නිරීක්ෂනය පිලිබදව පවසා තිබුනේ බාධකය ප්‍රභල වන තරමට අංශුව ඒතුලින් ගමන් කිරීමේ වේගයද වැඩි බයි.
මේක සම්පූර්ණයෙන්ම අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදයේ පුරෝකථනයක් වන වස්තුවකට ලගා විය හැකි උපරිම ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය යන්න බිද දමනවා විතරක් නෙමෙයි ඊටත් වඩා ගැටලුවක සිර කරනවා . ඒ තමයි හිස් අවකාශයේ අංශුවකට කවදාවත් ආාලෝකයේ ප්‍රවේගය ලබා ගත නොහැකි වුවත් බිත්ති වැනි බාධක හරහා යාමේදී ඒවාට ඒ නීති බලපාන්නේ නැති බව. මේක පැහැදිලි කිර ගැනීමට නොහැකි නිසා දැන් පේන විදිහට ඔවන් ප්‍රශ්න කරන්නේ කාලය යන සංකල්පය කුමක්ද කියායි. නමුත් හොදින්ම පැහැදිලි වන දේ අංශු පරමාණු යනු ඔය හිතන් ඉන්න කිසිවක් නොවන බව නොවේද ?
මම නිකමට කිව්වට ඔය අංශු තරංග සියල්ලම නෑ කියලා අරගෙන වස්තු අන්‍යොන්‍ය ව පවතින බවත් ඒ නිසා අන්‍යොන්‍යව වෙනස් වෙන බවත් හිතලා බලන්න.. ක්වොන්ටමේ ඉදන් සියලු ගැටලු වලට උත්තරේ ලැබෙයි.. කතන්දරේ ලස්සන වෙන තරමට සහ හොද වෙන තරමට සංකීර්ණත්වයත් අඩුයි අනික තර්කාණුකූලයි.
පැරණි:
Comments