ඔබ අනිත්‍යයය තේරුම් ගත්තාද ? අනිතයය විද්‍යාත්මකද ?

Upsal
Written by Upsal on
ඔබ අනිත්‍යයය තේරුම් ගත්තාද ? අනිතයය විද්‍යාත්මකද ?

වෙලාවක ඇදේ වැතිරිලා ඉන්න ගමන් ඇස් දෙක වහගෙන වටේ පරිසරය හිත යොමු කරලා තියෙනවද ? වෙනස් වීම් මෙනෙහි කරලා තියෙනවද ? අපි සාමාන්‍යයෙන් දන්නේ ඇති වීම් නැති වීම් කියලා වෙනස් වෙනවා කියලා. නමුත් ඒකත් වෙනස් වීම කියන තනි වචනයට දාලා අනිත්‍ය කියලා වෙනස් වීම් මෙනෙහි කරන්න. ඔබට ඇහෙයි වටේ පිටේ ශබ්ධ . වාහානයක් යනවා වගේ නම් හඩ අහගෙන ඉන්න. ඒ හඩ ඇහෙන්න පටන් ගත්තු තැන ඉදන් නොඇසෙන තැන දක්වා. කෙමෙන් වැඩි වෙවී පසුව අඩු වෙවී ශබ්ධය වෙනස් වේගන ගිය හැටි ඔබට දැනේවි. කුරුල්ලකු හෝ සතෙක් කෑ ගසන සද්දයක් නම් ඒත් ඇති වෙලා නැති වෙන හැටි දැනේවි.වෙනස් වීගෙන යන හැටි දැනේවි. ශබ්ධ එක දිගට ඇති වෙලා නැති වෙවී වෙනස් වන ආකාරය දැනේවි. සුලගේ ශබ්ධයේ සිට කුමන කුඩා හෝ ලොකු ශබ්ධය හොදින් මෙනෙහි කරන්න. හැම එකම කෙටිව හෝ දීර්ඝව කෙමෙන් කෙමෙන් ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව තේරේවි. වෙනස් වෙන බව තේරේවි. එක දිගටම තියෙන ශබ්ධයක් උනත් ඉක්මනින් ඉක්මනින් සිදුවන වෙනස් වීම් බවත් ඒවගේ කුඩා හෝ මහත් කොටස් වල එකතුවක් බවත් තේරේවි. බාහිර පරිසරය මේ ආකාරයෙන් වෙනස් වෙමින් යන තැනක් බවට මේ ආකාරයෙන් මෙනෙහි කරන්න.

වෙන මොනවද දැනෙන්නේ? ඊලගට මෙහෙමත් මෙනෙහි කරන්න. වෙනස් වන බව අරමුනු කරගෙන. ඇගට සුලං වදිනවා ම් ඔබට තේරේවි ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. ඇගට දැනෙන ස්පර්ෂය ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව. සිරුර ඇදේ ගැටෙන ස්ථාන ගැන හොදි් අවධානය යොමු කලොත් පෙනෙය් ඒ ස්පර්ෂය ගැන දැනීමත් ඇති වෙලානැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. හදවත ගැහෙන හැටි. සිතිවිලි තැනින් තැන අල්ලා ගන්න හැටි සහ අරමුනෙන් අරමුනට මාරුවෙන හැටි…. මේ විදිහටම තමුන්ගේ සිරුර ගැනත් හිතන්න. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා . ඒ අනුව පපුව බඩ එහෙමත් සෙල වෙනවා. වෙනස් වෙනවා. ශරීරයේ කැසිල්ලක් ආවත් , වේදනාවක් ආවත් සතෙක් දෂ්ථ කලත් ඒ එන වේදනාවත් ඇති වෙනවා නැතිවෙනවා බව මෙනෙහි කරන්න පුුලුවන්.

දැන් අර බාහිර ලෝකයේ හදුනා ගත් වෙනස් වීමුයි ශරීරයේ වෙනස් වීමුයි සියල් ලම එකම වෙනස්

වීම් රැසක් පමනක් බව සමස්තයක් ලෙස හිතන්න පුලුවන්ද ? (නිකම් අත කැපෙන්න පුලුවන දෙයක් ලිහිල්ව අල්ලනවා වගේ ඒ දැඩිව ගන්නැතුව සියල්ල ගැන සමස්ත ලෙස ) එලියත් වෙනස් වෙනවා ඇතුලත් වෙනවා. වෙනස් වීම් ඇර වෙන කිසිම දෙයක් නෑ. දැන් කෝ ඔබ ? කෝ ලෝකය ??

දැන් මෙහෙමත් හිතන්න පොඩි කාලේ කුඩාවට හිටපු ඔබ ලොකු උනා දැන් වයසට යනවා . අනාගතේදි වයසට ගිහින් ඇග රැලි වැටිලා අවසානයේ මිය යනවා. අපේ ඇස් දුර්ල වෙනවා , විනාශ වෙනවා, මුහුන විරූපී වෙනවා, මොලෙත් අවසානයේ වෙනස් වෙලා විනාෂ වෙලා යනවා. මුලු ශරීරයම විනාෂ වෙලා නවා. ඇටකටු පවා විනාශ වෙනවා. මේ වෙනස් වීම….

ලෝකයත එහෙමයි ගස් වැවෙනවා, හිර පායනවා සද පායනවා , වහිනවා, පායනවා, වතුර ගලා යනවා, ගංගා ඇල දොල ගලා යනවා, මුහුදේ රැල නගිනවා. කුරුල්ලෝ පියාඹනවා , උන්ගේ පැටව් ලොකු වෙනවා , උනුත් මැරෙනවා, ලේකයේ ඉන්න මිනිස්සුත් තරුන වෙනවා , ලස්සන නෙවා, වයසට යනවා, විරූපී වෙනවා මැරෙනවා ශරීරය විනාෂ වෙනවා …. තමුන් පැත්තෙන් හිතුවත් ලෝකය පැත්තෙන් හිතුවත් වෙනස් වීමම නේද ? ? කොහෙන් ගත්තත් වෙනස් වීමම නේද ? මේ ඔක්කොම ගැන හිතලා මේ සියල්ල සමස්තයක් ලෙස වෙනස් වීම් ගොඩක් ලෙස සිතන්න පුලුවන්ද ? ඇහෙන දැනන ඔක්කොම කම වෙනස් වීම් ගොඩට දාන්න. දැන් එහෙම ගත්තහම කෝ ලෝකය? කෝ ඔබ ???

වෙනස් වීම් මෙච්චරද ? නැහැ. ඇසින් යම් දේවල් දකින එක ? බලන එක ? සිතිවිලි ව ල අතරමන් වන හැටි, සිතිවිලි ඇති වෙලා නැති වෙන හැටි, සින්දු අහපු හැටි, නටපු හැටි, ලෙඩ උනු හැටි, හොද වුනු හැටි, ඔබ පාසල් ගිය හැටි. ක්‍රීඩා කරපු හැටි, විනෝද වුනු හැටි . ඒ කාලේ ඉවරයි දැන්, ඇද ඔබ රැකියාවට යන එන එක . මාසේ අන්තිමට පඩි ගන්න එක . එදාට ඒ ගැන සතුටු වෙන එක. පඩිය ටික ටික වියදම් වෙලා යන හැටි. , ඒ ගැන හිතලා දුක් වෙන එක. කතා කරන එක ? ගෑනු ළමයකුට පිරිමි ළමයකුට හිත ගිය දවස , පෙම්වතෙක් පෙම්තියක් වුනු දවස? විරහ වේදනා විදපු කාලය විවාහ වුනු දවස? දරුවන් ලැබුනු හැටි දරුවන් උස්මහත වුනු හැටි හෝ ඉදිරියේ දි උස් මහත් වන හැටි. ගෙවල් හදන්න පටන් ගත්තා හෝ ඉියේදී හදන හැටි, එහි වැඩ අවසාන වන හැටි… වාහනයක් ගන්න හිතන , එක , අර ගත්තු හැටි . ලොතරයි දිනුම් ඇදුනු හැටි දිනුමක් ඇදෙන්න ලොතරයි ගන් න හැටි ?? තෑගි ලැබුනු හැටි…. මේත් මොනවද ???? වෙනස් වීමම තමා…

ඒ වගේම ලොකයේ අනිත් මිනිස්සු වෙනස් වන හැටි . පාසල් ගිය හැටි , රැකියා කරන හැටි, විවාහ වන හැටි, දික්කසාද වෙන හැටි , දරුවන් හදන හැටි , දරුව් ලොකු මහත් කරන හැටි, ලෙඩ වෙන හැටි. දෙමව් පියන් වයසට යන හැටි, විශාල ගොඩ නැගිලි ඉදිකෙරෙන හැටි, මිනිස්සු දියුනු වෙන හැටි, ග්‍රහලෝක ජය ගන් න හැටි, යුද්ධ ඇති වන හැටි, යුද්ද නැති වෙන හැටි.. සුනාමි, ගංවතුර ගලපු හැටි…. මේත් මෙනවාද? වෙනස් වීම්මම තමා..

දැන් මේ ඔක්කොම එකට තියලා සමස්තයක් විදිහට වෙනස් වීම් ගොඩක් විදිහට බලන්න පුලුවන්නම් කෝ ඔබ? කෝ ලෝකය ???? වෙනස් වීම් ගොඩක් විතරයි නේද ?

🙂

මද හෝ වේදානවකින් ඉන් න වෙලාවක උනත් ටිකක් මේක කරලා බලන් න. වේදනාව අඩුවෙයි. ඇයි ඒ ? වේදනාව වෙනස් වීමක් කියලා නොගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන සිතිවිල්ලෙන්ම ඒ ගැන නොයිවසිල්ලක් ඇවිල්ලා වේදනාව වැඩි කරනවා. නමුත් වේදනාව වෙනස් වීමක් කියලා මෙනෙහි වෙනවා නම් අර පිටත හො අනෙකුත් වෙනස් වීම් වගේම එය තවත් වෙනස් වීමක් පමනක් බවම පිලිගන්නවා. ලොතරයියක් ඇදීමත්, සින්දුවක් රස විදීමෙන් තුට ඇති වීමත්, මේ වේදනාවත් ඔක්කොම වෙනස් වීම්ම පමනක් බව තේරුම් යනවා. මේ වගේ අනිත්‍ය මෙනෙහි කලොත් ගැහුවත් බැන්නත් දිනුවත් පැරදුනත් ධන පතියෙක් උනත් දුප්පතෙක් උනත් හෙට හෝ ලබන සතියේ එල්ලලා මරන් න හිටියත් කිසිම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයි අර සමස්ත වෙනස් වීමේම කොටසක් තමා මේ. වෙනස් වීම් හැරුනු කොට වෙන කිසිම දෙයක් නෑ.

සියලුම රාග ද්වේශ සියල්ලමත් මේ වෙනස් වීම් කියලා මෙනෙහි කරන්න . කවදා හරි තවදුරටත් රාගය රාගයක වෙන්නේ වත් ද්වේශය ද්වේශයක් වෙනනේ වත් නෑ. තවත් වෙනස් වීම් විතරයි. ලෝකයේ වෙනස් වීම් සහ මේ සිතේ වෙනස් වීම් කියලා දෙක්ක් වෙන්නෙත් නැහැ. සියල්ල සමස්ත වෙනස් වීම් ගොඩක් විතරයි. ඒකෙ මම වත් ඔබවත් ලෝකයක් වත් නෑ. අපේ අවිද්‍යාව තමයි මේ වෙනස් වීම වෙනස් වීම කියලා නොගෙන මේක සැපක් මේක දුකක් මේක මගෙ මේක අරයගේ , අරක කරනවා මේක කරනවා කිය කිය බෙදාගෙන ඉන්නේ . අන්න ඒ නිසාම තමයි ඒවා වෙනස් වෙන කොට තව දුක සැප කියලත් අල්ලා ගන්නේ. නමුත් සමස්තයම වෙනස් වීම් කියලා තේරුම් ගත්තහම කෝ දුකක් ? කෝ සැපක් ? කෝ ඔබ?? කෝ ලෝකය ? කො දරුවෝ කෝ මිනිස්සු ?

මේ තියෙනනේ විද්‍යාවෙන් හොයන ග්‍රෑන්ඩ් යුනිෆීල්ඩ් තියරිය නැතිනම් සියලුම දේ එක තැනකට ගන්න පුලුවන් නියමය අගේට දක්වලා බුද දහමේ. සියල් ල සමාන වෙනවා සියල් ල අනිත්‍යය නිසා. සියල් ල වෙනස් වීම් නිසා. අපි අල්ලා ගන්න විදිහ නිසයි අපිට එක එක විදිහට පේන්නේ. නැතුව වෙනස් වීම් හැර වෙන කිසිවක් නෑ…. ඔය වෙනස් වීම් වල එකක් හරි අල්ලා ගත්තොත් දුකක් හරි සැපක් හරි කියලා ඔන්න අනිත් වෙනස් වීම් වලටත් ලේබල් එනවා.ඇඩීම් වැලපීම් සතුටු වීම් සියල්ලම සමග තන්හා මාන වගේ ඔක්කෝම ඇදිලා එනවා.

මේ අවබෝධය බටහිර විද්‍යාවද පෙරදිග විදයාවද ? සාපේක්ෂතාවාදයද ? ක්වොන්ම් භෞතිකයද ? ආගම්ද ? දර්ශනද ?ගුප්ත විද්‍යාවද ? නෑ. පැහැදිලිව පේනවා නේද මේ එකක් වත් නෙමෙයි කියලා. තවදුරටත් බුදු දහම දර්ශනයක් හෝ වෙනවද ? නෑ. ඒක බුදු දහමම විතරයි.

යම් වාදයක් සමග වාද නොකරන යම් වාදයක් වේද එය මගේ වාදයයි. - බුදු රජානන් වහන්සේ. ඒ වාදය තමා උඩ දැක්වූවේ. අනක් සියලු වාද ඔය වෙනස් වීම් ඇතුලේ කර ගත්තු අල්ලා ගැනීම් කියලා දැන් තේරෙනවද ?

අනිත්‍ය නිර්මාණශීලී විදිහට හිතන්න , නිර්මාණශීලී විදිහට දකින්න . ඔලුවට එන හැම අරමුනක්ම හෝ වේදනා හෝ දකින දේ හෝ විදින සියලු දේ අනිත්‍යයට දාන්න පුරුදු වෙන්න. දිනපතා නිදා ගන්න කොට හරි කරලා බලන්න. ලෝකයම මැරී මැරී යන මිනිස්සුන්ගෙන් හා සත්ත්වයින් පිරුනු වෙනස් වෙන දේවලින් පිරුනු තැනක් විතරයි විදිහට බලන්න අනෙක් ලෝක ගැනත් හිතන්න. පුරුදු උනහම දුකින් ඉන්න වෙලාවක කරලා බලන් න දුක තුනී වෙන හැටි. අත පය කැපිලා ගියත් , මරන්න හැදුවත් ඒක ගානක් නැතිවෙයි. සියල්ල වෙනස් වීම්ම විතරයි කියලා තේරෙයි කවදා හරි දවසක කිසිම දේකින් දුකක් දැනෙන එකක්ම නෑ. ඔන්න ප්‍රායොගිකත්වය බුදු දහමේ. ඔන්න ප්‍රත්‍යක්ෂව පැහැදිලිව ඔබට තේරෙයි බුදු දහමේ සන්දිට්ඨික බව නැතිනම් මේ ජීවිතයේදීම තේරුම් ගන්න පුලුවන් බව ඇත්තම ඇත්ත බව.

.ගැටලුව දුක නම් ඒක නැතිකරන්න අවශ්‍ය වෙනනේ වෙන වෙන විජ්ජාවල් නෙමෙයි. මේ අදහස සංසාරය කියන එකට දාපුවහම ඇත්තම මෙහෙම කරන්න ඕනෙ ඇයි කියලා තේරෙයි.

Comments

comments powered by Disqus