බුදු දහම ආගමක් නොවේ

Upsal
Written by Upsal on
බුදු දහම ආගමක් නොවේ

ආගම සහ බුදු දහම පටලවා ගැනීඹ හැම තැනදිම දකන්න පුලුවන් දෙයක්. නමුත් ආගම කියන එකේ අර්තය අනුව බුදු දහමට නිර්නායකයක් දීම කිසිම විදිහකින් කරන්න බැරි දෙයක් මේක මුලිාන්ම තේරුම් ගත යුත්තේ බෞද්ධයින්.

පලවෙනි දේ තමා බුදු දහමට බුද්ධාගම කියන වචනය කියන එක නවත්වා ගැනීම . බුදු දහමක් මිසක් බුද්ධාගමක් නැහැ. අනෙක් අතට මේක විද්‍යාව. සයන්ස් කියන වචනයට විද්‍යා කියන වචනය ගලපපු කෙනාටයි බුදු දහම තිබෙන පෙල පොත් වලට බුද්ධාගම කියලා නම දාපු කෙනාටයිත් දෙකක් දෙන්න ඕනෙ හරිනම් .

සමහරු කියනා බුදු දහම දර්ශනයක් කියලා. ඒකත් වැරදී. දර්ශනයක් කවදාවත් ප්‍රායෝගිතකත්වය පිලිබදව සලකන්නේ නෑ. ඒක ප්‍රායෝගික වෙන්න අවශ්‍යත් නෑ.

ඒ වගේම බුදු දහම ආගමක් කීමත් වැරදී ආගමක ප්‍රායෝගිකත්වය තනිකර විශෟවාසය විතරයි .ඒක ගොඩක් දුරට මැරුනට පස්ස් හම්බ වෙන එකක් . නැතිනම් අහඹුවකින් වගේ ලැබෙන බව විශෟවාස කරන දෙයක් . ඒකේ මාර්ගයක් නෑ කෙටි දුරක් හරි ගිහින් ඒ ඒ කියන දේ ඒ විදිහට සිදුවෙනවාද කියලා මැන බැලීමට. ඒ වගේම එහි ක්‍රමයක් නෑ ඒ පැවසෙන් දේවල් සත්‍යයද කියලා පරීක්ෂනයක් කර බැලීමට.

ආගම ගැන simple google search -

religion

/rɪˈlɪdʒ(ə)n/

noun

'’the belief in and worship of a superhuman controlling power, especially a personal God or gods.’’

from wiki -

Religion is a social-cultural system of designated behaviors and practices, morals, worldviews, texts, sanctified places, prophecies, ethics, or organizations, that relates humanity to supernatural, transcendental, or spiritual elements.[1] However, there is no scholarly consensus over what precisely constitutes a religion.[2][3]

සරලව ආගමක් යනු - සියල්ල පාලනය කරන අතින්ද්‍රීය බල ඇති දෙවිවරුන් හෝ දෙවියෙක් හෝ ආත්ම පිලිබදව ඇති විශෟවාසය.

පරිවර්තනය කරන්න අවශ්‍ය නෑ මම හිතන්නේ . මෙතනින්ම පැහැදිලි නේද බුදු දහම මේ ආගම් කියන ගොඩට දැමිය නොහැකි බව ?

එහෙමනම් බුදු දහම දමන්නේ කුමන ගොඩටද ? බුදු දහම දැමිය හැකි එකම ගොඩ විද්‍යාව පමනයි. යම් යම් දේ කර ගන්න විද්‍යාව යොදා ගන්නවා වගේම සසරින් එතෙර වීඹට බුදු දහම යොදා ගන්නවා . ඒත් නිකම් නෙමෙයි තමුන්ගේ ශක්තියෙන් තමුන්ගේ බුද්ධියෙන් සහ ප්‍රඥාවෙන්. ප්‍රාර්තනාවෙන් ලැබෙයි කියන විශ්වාසයක් නිසා නෙමෙයි.

මෙන්න සරලවම බුදු දහමේ සංකල්පය. යමකට ආසා කරයි යමකට බැදී සිටීද ඒ දෙයෙහි සිදුවන වෙනස් වීම අපිට දුකක් ගෙන දෙනවා . ඒ බදා අල්ලාගත් දෙය කෙරෙහි ඇති ආශාව දුරු කරයිද අන්න අර දුකෙන් අප නිදහස් වෙනවා .

මේක ඇත්ත කියාලා මේ මොහොතෙම ප්‍රතක්ෂ නැද්ද ?

ප්‍රත්‍යක්ෂයි නමුත් ගැටලුව ඔච්චර සරල නෑ. වෙනස් වීඹ නිසා අපට දුක් ගෙන දේවල් මොනවද ? අපේ ශරීරය (ලෙඩ රෝග බඩගින්න ,වධ වේදනා, වියපත් වීම මරණය…..), දෙමව්යි නෑදැ හිතමිතුරන් , ධනය , බඩු භාන්ඩ , පරිසරය. බැලුවහම සියල්ලම මෙයට අයිතියි.

පුනර්භවය නිසා මේකේ කෙලවරක් නෑ හැමදාම වෙන්නේ උපදිනවා මරෙනවා වගේම අර කලින් භව වල කරපු පව් නිසා වැඩිපුරම ධරුනු දුක් වලටයි හැමදාම මූණ දෙන්නේ

ඉතින් මේ පුනර්භවයට පවා හේතුව මේ තෘෂ්නාව නැතිනම් මම සිටිය යුතුයි කියන ආසාවනේ. අන්න ඒක අත ඇරලා දානවා උපක්‍රමශීලීව. මේක තේරෙනවා යම් තාක් දුකරකට විපසසනා භාවනා වඩාගෙන යනකොටත් . අන්න එතකොට අර වෙනස් වීඹ් තවදුරටත් වෙනස්වීම්ම ලෙස දකිනවා මිසක් අරක උණාම මගේ අතක් කැපුවා , මම දුප්පත් උනා, මම තිරිසන් සතෙක් ,මම අපායේ දුක්විදනවා වගේ කිසිම දෙයක් තව දුරටත් වෙනස් වීම්ම විතරයි. ගහක් කියන එකවෙනස් වීඹ් ගොඩක් හැර ගහක් ලෙස දකින්නේ නෑ. වේදනාවත් මේ වගේ .මම කියන්නෙත් ලෝකය කියන්නෙත් මේ වෙනස්වීමම පමනයි. මෙන්න මේ හේතුවෙන් ඒ ගැන තෘෂ්නාව අත ඇරුනා අන්න තව දුරටත් පුනර්භවයක් නෑ. හරියට තොරනකින් රූඵ දකින්නැතුව නිවෙන පත්තුවෙන බල්බ් කියලා ලංවෙලා බැලුවහම පේනවනේ . එතකාට තවදුරටත් අර තොරනේ ලස්ස න ඍූප දකින්නෙත් නෑ . ඒවට ආසා කරන්නෙත් නෑ.

මෙතන දැන් ඇති ව ගැටලුව පුනර්භවය කුමක්ද කර්මය මොකද්ද කියලනේ ඒවට ලින්ක් පහල දාලා ඇති. ඕක තේරුම් ගන් න හොදම විදිහ තමයි සියල් ලතොරතුරු ලෙස දැකීම. හදුනා ගැනීමෙන් තොරව කිසිම දෙයක් මිනිසුන්ට පවතින්නේ නෑ. හදුනා ගැනීඹ යනු සිතයි. ඒ නිසා සිතෙන් පරිබාහිරව කිසිම දෙයක් මිනිසුන්ට නෑ. සිතයි ලෝකයයි එකිනෙක බැදිලා . මේ නිසා එකක් ඇද්දොත් අනිකත් ඇදිලා එනවා . නැති වෙනවා නම් දෙකම නැතිවිය යුතුයි . මිනිහෙක් මලා කිව්වහම වෙන්නේ සරලව ඔහුගේ සිතේ තොරතුරු වෙනස්වීම විතරයි. අපිට තමයි මිනිහා මල බව පේන්නේ මිනිහට නෙමෙයි. මිනිහාගේ තොරතුරුත් අහෝසි වෙනවා නම් ඔහුට මුල ඉදන්ම ලෝකයක් පවතින්නත් බෑ.

නමුත් අපි සරලව මෙහෙම හිතමු මේ පුනර්භවය වගේ දේ යමේක් නොපිල්ගන්නවා කියලා . නමුත් පැහැදිලිව කිසිම කෙනෙක් නෑ මේලෝකේ එහෙම නොවෙනවා කියලා පෙන්වන්නත් පුලුවන් . හේතුව තමයි තමුන්ට දැනුම ආපු විදිහවත් සත්තවයාගේ මුල වත් විද්‍යාවෙන් නෙමෙයි මොන කෙහෙම්මලෙන් වත් පෙන්වන් නබැරි නිසා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න.

බුදු දහමේ මේ පුනර්භවය ගැන කියන්නේ ඒක සිත දියුනු කරලා ප්‍රත්‍යක්ෂයෙන් දැන ගෙන . එහෙම අපිටත් අවශ්‍ය නම් දැන ගන්න අන්න පැහැදිලි මාර්ගයක් දේශනා කරලත් තියෙනවා ගිහින් බලන්න . මේක විශ්වාස කරන්න බැරිනම් ගිිහන් බලන්න කියලයි කියන්නේ අර කියලා තියෙන විදිහට සිත දියුනු කරලා.

මේ නිසා කිසිම විදිහකින් බුුදු දහම ආගමක් වත් හුදු විශ්වාසයක් වත් දර්ශනයක් වත්වෙන්නේ නෑ. සදා තනික දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගවයක් විතරයි.

දැන් පේනවා ඇති මේකේ සමහරු නගන මෝඩ තර්ක බුදු දහමෙන් රොකට් යවන්න බෑ වගේ දේවල ඇති පුස් බව.

අනික පේනවා නේද බුදු දහමේ කොටස් විතරක් අරගෙන තමුන් නොදන්නා නිසාම අරක මෙහෙමද කියලා හිනා වීඹත් කොච්චර මෝඩ දේවල්ද කියලා.

සමහරු කියනවා ගස් ගල් වැදීඹක් තියෙනවලු බුදු දහමේ . ඒකත් වැරදියි .මේ ගස් ගල් යොදා ගන්නේ සංකේත ලෙස පමනයි. මේ පිටුපස තිබෙන්නේ සෑම විටම තමුන්ගේ අරමුණේ වැදගත් කොටසකට යොදා ගන්නා රූඵයක් විතරයි. මනෝවිද්‍යාත්මකව බැලුවොත් හොදින් පැහැදිලි වෙයි මේක මොන තරම් ප්‍රායෝගිකද කියලා.

බුදු දහමේ ආගමික ලක්ෂන කියලා හුවා දක්වන්නේ ඒ ගැන නොදන්න නිසා මිස වෙන දෙයක් නිසා නෙමෙයි කියලත් දැන් පැහැදිලිද . ඒකයි දේශනා කලේ ඒහිපස්සිකෝ නැතිනම් ඇවිල්ලා බලන්න කියලා. එතකොට සන්දිඨ්ඨිකෝ. මේ ජීවීතයේ ප්‍රත්‍යක්ෂ කර ගන්න පුලුවන් . ඔය දේශනාව තිබෙන්න බැහැනේ ඔය කියන ආගමික ලක්ෂන නම් තිබෙන්නේ නේද ?

බුදුන් වහන්සේගේ ඥානය ගැන අපිට සුලුවත් අදහසක් නැහැ.මේ උතුම් ඥානය මේ දෙවියන් වහන්සේ දුන්නා වගේ අද්භුත එකක්ද ? නැහැ මහන්සිවෙලා ජීවිතය කැප කරපා , විමසලා , හොයලා බලලා , පර්යේෂන කරලා , සියලු පරිත්‍යාගයන් කරලා ලබගත් දෙයක් . උන් වහන්සේ දන්නවා මිනිස්සු හදා ගන්න දැනුම කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා . අද හරි එක නෙමෙයි හෙට හරි එක. උ්න් වහන්සේ ඒ කාලයේ තිබුනු දැනුමින් යම් යම් දේ තර්කාණුකූළව පෙන්නුවානම් අද කාලේදි ඒක වැරදී.

අපි හිතමු උන් වහන්සේ අද තියෙන බටහිර දැනුම ගැන හිතලා අංශු මෙහෙමයි අරෙහෙමයි කියලා දේශනා කලා කියලා. ඕක එදා අයට තේරෙන්නේ නැහැ. අද අයට තේරුනත් අනාගතේ වෙන කොට ඕක වෙනස් වෙලා. ඉතින් කල යුතු හොදම දේ තමා කරලා තියෙන්නේ . අවබෝධ කර ගත් ධර්මය එලොසම දේශනා කලා , ඒ අවබෝධ කර ගත් මාර්ගයත් මාර්ගයේ යන ආකාරයත් සියල්ල දේශනා කලා. දැන් ඕනෑම දැනුම් පද්ධතියක කෙනෙකුට පුලුවන් මේ ක ගිහින් හදාරාන්න, විශෟලේෂනය කරන්න . ඒ මාර්ගයේ ගමන් කරලා ප්‍රත්‍යක්ෂ කරන්න. තියෙන දැනුම අනුව වැරදී වගේ පේනවානම් අලුත් විදිහකට බුදු දහමේ දේශීත ආකාරයට විමසලා බලන්න. ධර්මයට සහ විනයට දාල බලන්න . අන්න එතකොට පේනවා මේකේ සත්‍ය බව. අන්න අකාලික බව.

සංසාරය, පුනර්භවය, වගේ දේ නේ ප්‍රධාන වශයෙන් විශ්වාස හැටියට මිනිස්සු හිතන්නේ. නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයි. වැඩේ තියෙන්නේ මිනිස්සු හිතන්න කැමති නැහැ. ගැඹුරු කොටස් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති නැහැ . ඒ අයට තමා මේක ආගම් කියලා පේන්නේ .

අනෙක් පිරිස තමා බුදු දහම ආගමක් හැටියට පෙන්වන්න උත්සහ කරන අය බුදු දහමට වෛර කරන අය. ඔවුන්ට හරි ලේසියි මේක ආගමක් කර ගත්තහම අනිත් ආගම් ගොඩටම දාල පහර දෙනවා. අපේ බෞද්ධයින්ට තේරෙන්නේ නෑ තමුන් වැටුනු වල. කවුරු හරි ඒකාල්ම බුදු දහම බුද්ධාගම කියලා වංචා කලා . ඒකේ ප්‍රතිපල අද විදිනවා.

කර්මය

https://www.facebook.com/…/permalink/507751356498802/

https://www.facebook.com/qazwsx1234…/posts/235717580665282

නිවන

https://www.facebook.com/…/permalink/492659741309168/…

සිත

https://www.facebook.com/qazwsx1234…/posts/160373924866315

Comments

comments powered by Disqus