බුදු දහම පිලිබඳ වැරදි මත

Upsal
Written by Upsal on
බුදු දහම පිලිබඳ වැරදි මත

බෞද්ධයකු වූ පමණින්, භික්ෂුවක් වූ පමණින් කෙනෙකු එක් සිල් පදයක් හෝ කඩන්නේ නම් , වැරදි කරයි නම් එය බුදු දහමේ ඇති අඩුපාඩුවකි. එය ප්‍රායෝගික නැත. එසේම ඔවුන්ට නිවන් දකින්නටද නොහැක .

බුදු දහම පිලිබද නොදන්නා කම නිසාම පැවසෙන මේ කතා විවිධ ආකාරයෙන් නොයෙකුත් තැන් වල දැක ගත හැක. නමුත් මේ බොලද කතාවකි.

පව් නොකර සත්ත්වයකුට සිටිය හැකිනම් බුදු දහමක් අවශ්‍ය නොවේ. බුදු දහම මගින් පැවසෙන ප්‍රධානම දේ එයයි. එසේ නොවේ නම් යලි යලිත් උපත ලැබුවද හොද ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නේ කලින් ජීවිතයේ හොද බොදුනුුවකු වී ඉපදේවා යනුවෙන් කරන පින්කම් හෝ ප්‍රතිපත්තිම විය යුතුය.

නමුත් පව් නොකරන පෘතග්ජනයන් නැත. කොරතම් උත්සාහ කලත් ශිල් රැක්කත් සමහර අවස්තා වල පව් නොකරම සිටීමට බැරි අවස්තාද පැමිනිය හැක. (උදාහරණ ලෙස තමුන්ව මරණයට පත්කිරීමට පැමිණෙන තැනැත්තා කඩුවෙන් කෙටීමට යන අවස්තාවේ තමුන් අතේ තිබෙන ආයුධයෙන් කරන දේ පිලිබදව තීරණයක් ගත යුතුය)

මෙයට හොදම උදාහරණ ජාතක පොතේ බෝධි සත්ත්වකතා වලින්ම දී ඇත.

බෝධි සත්ත්වයින් යනු මතු සියලු කෙලෙසුන් නසා බුදු වීමට පෙරුම් පුරන පුද්ගලයෙකි.සිල් රැකීමට උත්සාහ දරයි, මෛත්‍රිය වඩයි නමුත් තේමිය ජාතක කතාවේ රජකුමරකු ලෙස උපත ලබන බෝධි සත්ත්වයන් ඒ ඉපදීමට පෙර පෙර කල පව් නිසා අවුරුදු අසූදාහක් අපායේ සිටි බව පැවසෙයි.

තවත් ජාතක කතාවකට අනුව කාමයෙන් මත්වී නගරයෙහි මිනිසුන් මරමින් යයි.

තවත් තැනක ස්ත්‍රියක කෙරේ කාමයෙන් ඇලී නොයෙකුත් දුක් විදී.

මෙසේම තවත් කතා වල අපහාස කරයි , යුද්ධ වදී, මිත්‍යා දෘශ්ට්කයන් වී ඉපදී ගිණි දෙවියන් පිදීම ආදී නොයෙකුත් දේ සිදු කරයි. කල පව් කම් හේතුවෙන් විරූපීව උපදියි, විරූපි අග පසගන් ගෙන් යුක්ත වෙයි, විවිධ තිරිසන් ආත්ම වල උපදියි. අන්ත දුගී වී උපදියි.

වෙනත් ආගම් ගනයට වැටෙන දර්ශණ වල කිසිවිකෙ මෙවැනි කතා නැත. ඔවුන් සෑම විටිම සුපිරිසිදුය, වීරයන්ය. නමුත් මේ ජාතක කතා තුලින් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තෙ මේ සංසාරයේ ඇති භයානක කමයි.( ආගම්ක ලෙස ප්‍රමෝට් කිරීමට අවශ්‍ය නම් මේවා නොපෙන්වා සිටීමට හැකියාව තිබුනි. නමුත් මේ ආගමක් නොවේ. )

සංසාරයේ සැපට වඩා විදින දුක සෑම අතින්ම වැඩි. එහි කෙලවරක්ද නොමැත. මොන පින් කලත් මොන ධ්‍යාන ලැබුනවත් කොහෙන් හෝ කැරකී දැඩි දුකට පත් වී අනන්ත කල් විදවීමම සාමාන්‍යයය. මෙයට හේතුව අනිත්‍යය මෙන්ම හා මේ අනිත්ය දේ නොවෙනස් වන ලෙස පවත්වාගැනීමට නොහැකි වීමයි. සිත මින් ප්‍රධානය.

මෙම නිසා බුදු දහමේ දෙන එකම උපදෙස කෙසේ හෝ නිවන් දකිනු යනු විනා. අරකත් කරන්න. මේකත් කරන්න. මේ වැරද්ද නොකර මෙහෙම ඉන්න. මේ වැරැද්ද කරලා තියෙන නිසා නිවන් දකින්න බෑ, සියයට සියයක් නිවැරදි නොවෙී නිවන් දකින්න බෑ ආදී දේ නොවන බව හොදින් මතක තමා ගන්න.

වෙස්සන්තර ජාතකයේ ළමුන් දන්දීමේදී පවා සිදුවන්නේ මෙයයි. සියලු දේ ගැන ආශාව දුරු කිරීමට උත්සාහ දරන්නේ එය නොකර බැරි නිසාවෙනි. වෙස්සන්තර ජාතකයේ ළමුන් දෙදෙනා දන් දීමට පෙර හඩනු දැක බුදු වීම පසෙක තබා ළමුන් දෙනො වෙනුවෙන් කැපවීමට සිතුනු බවත් නමුත් පසුව සිත වෙනස් කර ගත්තද මොහොතකට එතැන ඇති කර ගත් දුර්වල සිත නිසා බුදු වන අවස්තාවේ මාරයා නොයෙකුත් සෙල්ලම් දමන ලද බවද සදහන් වේ. එය සරල ඒ ජීවිතයට ඒ මොහොතක ගැටලුවක් පිලිබදව නොවේ. අනන්ත කාලයක සිට විදවන දුකකට පිලිතුරු සෙවීමකි.

මෙම නිසා අර හාමුදුරුවෝ මෙහෙමයි කෝ උබලගේ බුද්ධාගම. මෙයා මෙහෙමයි සිල් ගන්නවා අද අරක්කු බොනවා වගේ ඔන්න උබලගේ බුද්ධාගම වගේ කතා නොදන්න කමට සහ හුදු වෛරය පිරිමහ ගන්න කියන කතා මිස වෙන මොනවාවත් නොවේ.

නිවනට උත්සාහ දරමින්ම වැරදි කරන පුද්ගලයන්ට ඒවාට ප්‍රතිපල ලැබේ. එය බුදු දහමේ ඇති වරදක් නොවේ. බුදු දහම සත්ත්වයා ගේ පැවැත්ම මෙන්න මේක මෙහෙම කලොත් නිවන් යනවා ඒ ඇර මෙහෙම කලොත් මෙන්න මේ විදිහට දුක් විදිනවා යනුවෙන් පෙන්වා දෙනවා පමනි. යාම නොයාම , කොපමන ඉක්මනින් යනවාද , යාගන්න හැකි වේද ආදී දේ අනෙත් අයගේ ගැටලු පමනි. එම නිසා තමුන්ට බැරිනම් මේ ධර්මය වෙනත් අය සදහා හෝ රැක ගැනීම හෝ අනිවාර්යයෙන්ම සිදු කල යුතුය.

Comments

comments powered by Disqus