බුදු දහම පිලිබඳ වැරදි මත - 2

Upsal
Written by Upsal on
බුදු දහම පිලිබඳ වැරදි මත - 2

ආගම් බිහිවීමේ පුධාන හේතුව කුමක්ද ? අකුණු ගැසිමට බයවීමද ? වැස්ස නොවැසීමට බයවීමද ? ගුරුත්වය තේරුම් නොගැනීමද ? වැස්ස වැටෙන හැටි නොදැනීමද ? අධිස්තාපනය පැහැදිලි කරගන්න බැරි වීමද ? (එ්කද දන්නෑ හැබැයි 😃 😃 ) කෙනෙක් දුප්පත් වීම පෝසත් වීම නොදැනීමද ? මේ කිසිදු කතාවක් නොවේ. එකම හේතුව මරණයට බියවීමයි. මැරෙන්න ලං වෙච්චි කෙනාට මිනිහාට හදට රොකට් එකක් නොයැවීම ගැටලුවක්ද ? විශ්වයේ මුල නොදැනීම ගැටලුවක්ද ? විශ්වයේ කෙලවර නොදැකීම ගැටලුවක්ද ? නෑ තමුන්ගේ කැමැත්ත ජීවත් වීම . මැරිලා හරි ඉපදුනොත් ලොකු දෙයක් . ලුනුයි බතුයි හරි කකා ඉන්නම් මැරෙන්නැත්තම්. මලත් හැබැයි සැපක් හම්බ වෙනවනම් ලොකු දොයක්.

එහෙම නැත්තන් මෙතනින් කෙලවරයි කියලා හිතුවොත් ඉන්න ටිකේ සුපිරි සැපක් ගන්න ඕනේ . බැරි උනොත් ඔටවාගෙන ඉන්න එක වෙනම දෙයක්. අනිත් එවුන්ට ඉරිසියා කරලා මැරෙන්න කලින් විප්ලව කරලා හරි කෙලවන එක වෙනම දෙයක් …

මරණයට පසු පැවැත්ම හෝ නොපැවැත්ම අදටත් ගැටලුවක් ඒක නිසා තමා වලකජ්ජ ගහන්න ලංවෙච්ච නිරාගමිකයෝ ඉදන් අන්තිමේදී ආගම් බදා ගන්නෙ. එතෙන්ට නොඑනකම් පොරවල් . ඉතින් මේක නෙමේ ද මිනිසුන්ගේ ප්‍රධාන ගැටලුව ? එයට දුන් පැහැදිලි පිලිතුර නිරීක්ෂණය කලා නම් මේ ආගම් ගැටලු ඇති වෙයිද ? ආගම් කියන්නේ තමුන්ගේ බිය නිසා ඇති කර ගන්න විශ්වාස. එතන බුද්ධියක් නැහැ. බොහෝවිට මනසින් ඇති කරන බොරු දර්ශන. සමහරුන්ට ඇතිවුනු හලූෂිනේෂනස්. අර වැඩි දුක් සහ බිය නිසා ඇතිවන මනෝ භ්‍රාන්තීන්.

නමුත් මේ සියලු දේ පැහැදිලි කරන එකම තැන දකින්න පුලුවන් බුදුදහම තුල පමණයි. බුදු දහම කෙනෙක් මේදේ දේශනා කරන්නේ කල්ප ගණනක පර්යේශණයකින් පසුව වෙන්නේ ඒ නිසයි. නැතුව මේ

කලින් පාට වෙනස් මිනිස්සු සත්තු හිටියට සලකලා අවුරුදු තිහකට විතර පස්සේ ආ ඒක වැරදී හැබැයි ගල් ගහල මිනීමරන එක එයාලගේ ආගමික නිදහස අපි හැමෝම සමානයි කියන හිකනල් මෙමරි කටුසු බයිලා නෙමෙයි. ඇයි ඒක වැරදි වෙන්නේ ? මේ කියන්නේ මේ පොතක තිබිච්ච නිසා හෝ ඇහුව නිසාද ?

නෑ ..

මිනිස්සුන්ගේ චින්තනව පවතින සිතිවිලිවලට සාපේක්ෂයි. එයින් පිට මේ හිටි හැටියේ පහලවෙන ආශ්චර්යය නෑ. සරලව අපි හිතන විදිහට හිතනවා කිව්වට හිතන්නත් බෑ. හිතෙන දෙයක් තමා අපි හිතනවා කියලා ගන්නේ. නැතුව මම ලොවෙත් නොදන්න අමුතුම දෙයක් ගැන හිතල තමා මේක ගත්තේ කතා බොරු බයිලා.

මනෝපුබ්බංගමා ධම්මා කියලා තියෙන්නේ බුදු දහමේ පමනයි. මනස පෙන්වන දේ තමා තමුන්ට ඇත්ත වෙන්නේ.

මරනය කියන එක සාපේක්ෂයි. ඒක දෘශ්ටියට අදාල දෙයක්. සකස් කර ගත්තු දෙයක් . සකස් කර ගත්තේ නැතිනම් මරණයක් නැහැ . (තර්ක කරන්න 🙂 ) මේ දේ නොදැනීම නිසාම මේක අල්ලා ගෙන මරනෙන් පසුව මෙහෙ යයි. මෙහෙම කලොත් මෙහෙම වෙයි වගේ කතා හදා ගන්නවා ඇයි ? මැරෙන්න බය හින්දා. මේක නෙමෙයිද ඇත්ත ? 🙂

ඔය බයිල වැඩැක් නැහැනේ තමුන්ට යම් මාර්ගයකින් ඇත්තම බලා ගන්න පුලුවන්නම්. නොදන්න මගුල් පස්සේ නොගිහින් තමුන් ගැන හදාරා ඇත්තම තේරුම් ගන්න පුලුවන්නම් ? ඒක තමා බුදු දහමේ සනදිට්ටික කියලා කියලා තියේනනේ . තමුන්ටම ඇත්ත පැහැදිලි කර ගන්න පුලුවන් නිසා. පැහැදිලි කර ගන්න අමාරුනම් කොමන්ට් කරන්න.

Comments

comments powered by Disqus