ඔබට සිතන්න පුලූවන්ද?

Upsal
Written by Upsal on
ඔබට සිතන්න පුලූවන්ද?

මම ඔඛෙන් එසේ ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. “මට මොකද සිතන්න බැරි ?” ඔබ අසනු ඇති. ඔව්, ඔබ හරි විය හැකියි. නමුත් අපි කුඩා පරීක‍ෂණයක් කර බලමු.

මම ඔබට මෙසේ කියමි. කිසියම් දෙයක් ගැන සිතන්න. ඔබට කැමති ඕනෑම දෙයක් ගැන. පුද්ගලයෙක්, ගසක්, මලක්, වාහනයක්, ඕනෑම දෙයක් ගැන සිතුවාද? එසේ නම් එය පවසන්න. “ මොකටද? ඔබට එය පැවසිය හැකිද?” කියා ඔබ අසනු ඇත. ඇත්ත ඔබ සිතුවේ හෝ කීවේ කුමක්ද? කියා දැන ගැනීමේ හැකියාවක් මට නොමැත. නමුත් ඇත්තටම කිසිවක් ගැන සිතන්න ඔබ කිසිවක් ගැන සිතුවා ලෙස අපි ගනිමු. උදාහරණයක් ලෙස ඔබ සිතුවේ මලක් ගැනයි. රෝසමලක් ගැනයි. හරි නමුත් දැන් ගැටළුව මෙයයි. ඔබ මේ මොහොතේ රෝසමල ගැනම සිතුවේ ඇයි කියා කීමට ඔබට පුලූවන්ද? නැත්නම් මේ මොහොතේ රෝසමල ගැන සිතීමට හේතුව ඔබට කිව හැකිද? “ඔව් මට පුලූවන්” ඔබ කියනු ඇත. සමහර විට එයට ඔබ කැමති නිසා යැයි ඔබ කියනු ඇත. නැතිනම් එය ඔබේ කිසියම් පෞද්ගලික සිද්ධියකට සම්බන්ධ නිසා විය හැකියි. ඒ කුමක් වුවත් මට මෙය කියන්න. මේ මොහොතේ ඔබට සිතීමට ඇති එකම දෙය මේ රෝස මල පමණක්ද? නැත. ඔබ දන්නා එකම දේ මේ රෝසමල පමණක්ද? නැත. එසේ නම් ඔබ එය ගැනම සිතුවේ ඇයි.

“මට හිතුනා” ඔබ කියනු ඇත. එසේ නම් මෙයට ඔබ සිතා කිවූ දෙයක් කියා ඔබ කියන්නේ ඇයි? ඔබ සිතුවාද? ඔබට සිතුනාද? අපි තවත් ඒ ගැටලූව නිරාකරණය කර ගනිමු. මම ඔබට යමක් සිතීමට යැයි කී විට ඔබ ඔබ දන්නා සියලූම දේවල් ගැන සිතා මේ පිළිබඳව කිව යුතුයැයි තීරණය කලේද? ඔව් සමහරවිට ඔබ කිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල තීරණය වූවා විය හැකියි. නමුත් ඔබ දන්නා සියලූ දේ ඒ ටික නොවේ. ඒ මොහොතේ ඒ සිතූ දේවල් ටික ඔබ දන්නා සියලූදේ අතරින් තෝරාගන්නේ නැත. ඒ මොහොතේ ඒ ඒ දේ පිළිබඳව ඔබට සිතුනා මිස සිතුවේ නැත. මම නිවැරදිද? සමහර විට ඔබ මෙවැනි උත්තරයක් දෙන්නට ඇත. “මම සිතුවේ බඩ ගින්න ගැනයි. එවිට එසේ සිතුවේ ඇයිද? යන්න ඇසූවිට “මට බඩගිනි නිසා” යැයි ඔබ පවසන්නට ඇත. නමුත් බලන්න ඔබට බඩ ගින්න නොතිබුනේ නම් ඔබ එසේ පවසනවාද? එය සිතෙනවාද? ඉහත රෝස මලේදී මෙන්ම මෙතනදීත් ඔබ නොදැනුවත්වම සිතිවිල්ලක් පහලවී ඇත. එය ඔබ සිටින පරිසරයට තත්ත්වයට අනුව අවස්ථානුකූලව පහලවී ඇත. නමුත් එය ඔබට සිතුන එකක් විනා ඔබ සිතූ එකක් නොවේ. මම නිවැරදිද ? මෙය මෙතනින් නවත්වා ඔබේ සිතුවිලිද ඒවාට හේතුද? පිළිබඳව විමර්ශනයක යෙදෙන්න. ඔබට සිතෙනවා විනා සිතිය නොහැකි බව වැටහෙනු ඇත. ඔබ සිතනවා යන මතයම ඇතිවී තිඛෙන්නේ කෙසේදැයි බලමු. මදකට ඔබේ සිත දෙස හොදින් අවධානය යොමුකරන්න. ඔඛෙ අවධානය වැඩි වෙලා නොපවතිනු ඇත. නොයෙකුත් සිතුවිලි ඇතිවෙමින් නැතිවන ආකාරය ඔබට දැනෙනු ඇත. ඔබ නොදැනුවත්ව ඔබේ සිත නොයෙක් දේ වලට යොමුවනු ඇත. නමුත් හොදින් බලන්න බොහෝමයක් සිතිවිලි ඔබ අවට පරිසරයට ඔබට හා දැන් ඔබ සිටින තත්ත්වය පිළිබඳව වනු ඇත. එනම් මේ මොහොතේ ඔබට රාවණා පිළිබඳව හෝ බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳව මතක් නොවනු ඇත. පහල වන්නේ හෝ ඔබේ අවධානයට හසුවන්නේ ඔබට වැදගත් වන දේ පිළිබඳව සිතුවිලි පමණි.

දැන් මම මුලින් ඔඛෙන් ඇසූ ප්‍රශ්නය ගනිමු. මම එසේ ඇසුවිට ඔබට පහල වීමට පටන් ගන්නේ එයට අනුකූල සිතිවිලිය. එයින් ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය ඔව් සමහර විට ඔබ කිහිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල , ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය. නමුත් මම මේ ප්‍රශ්නය නො අසුවේ නම් ඔබ මෙවැනි යමක් දැන් කරයිද? හොදින් සිත දෙස බලා තේරුම් ගන්න. ඔබට පහල වන සිතිවිලි සෑම විටම හේතුවක් නිසා පහල වන බව ඔබට වැටහෙනු ඇත. හේතුව එක්කෝ සිතුවිල්ලක්මය. නැතිනම් ඔබ දුටු දෙයක්ය. නැතිනම් ඇසුනු දෙයක් හෝ දැනුනු දෙයක් විය හැක. නිතර සිත දෙස අවධානය යොමුකරමින් සිටිමෙන් සිතිවිලි ඇතිවන ආකාරය ඔබට වටහාගත හැක. ඔබ මුහුදු වෙරලක සිටී නම් මුහුද වෙරළ අවට පරිසරය පිළිබඳ සිතිවිලි පහලවනු ඇත. එය වැඩි දුර ගොස් අවසානයේ යහලූ හිත මිත්‍රාදීන් නොයෙකුත් සිදුවීම් පිළිබඳවත් සිතුවිලි පහල වනු ඇත. ඒ මොහොතේ ඔබ වෙරලේ වැටී ඇති සිප්පි කටුවක් දුටුවේ යැයි සිතමු. එවිට ඔබේ සිතිවිලි නැවත එය මුල්කරගෙන පහල වනු ඇත. සිප්පිකටු වලින් තැනූ භාණ්ඩයක් පිළිබඳව හෝ කුඩා කල ඔබ සිප්පි කටු වලින් ක්‍රීඩා කල ආකාරයද ඒ ඔස්සේ ඔබේ දෙමව්පියන් පිළිබඳවද සිතුවිලි පහල වනු ඇත. මේ සිතිවිලි පහල වන ආකාරයට උදාහරණයක් පමණි. එසේ නොමැතිව සෑම විටම ඔබ මුහුදු වෙරලේ සිටියහොත් සිතිවිල මේ ආකාරයටම පහල නොවනු ඇත. නමුත් ඔබේ සිත පිළිබඳව අවධානයෙන් සිටිය හොත් සිතිවිලි පහල වන්නේ මේ ආකාරයට බව ඔබට වැටහෙනු ඇත.

ඔබේ සිතිවිලි පහල වන්නේ මෙසේ හේතු මුල් කර ගනිමිනුයි. ඔබ කිසියම් ගණනක් සෑදීමට හදන විට ඒ මොහොතේ ඔබට එම ගණන් පිළිබඳව ඔබ ඉගෙන ඇති දේ පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. ඒ සිතිවිලි මුල් වීමෙන් ගණන විසදීමට ඇවැසි සිතිවිලි පහල වනු ඇත. නමුත් ඔබ ගණන් විසදීමට ඉගෙන නැතිනම් ඒ සම්බන්ධ සිතිවිලි ඔබට පහලවීමේ හැකියාවක් නොමැත. “මම දන්නෑ” ඔබ කියනු ඇත. ඔබට කිසිදු ගණනක් විසදීමට අවශ්‍ය තොරතුරු නොදනී නම් කෙතරම් දුරට උත්සාහ කළත් ඔබට එය විසදීමට නොහැක. මන්ද අවශ්‍ය සිතිවිලි පහල නොවන බැවිනි. ඔබට සිතන්න පලූවන්නම් එම ගණන විසදීමටද ඔබට හැකිවිය යුතුය.

සිතිවිලි කුමන හෝ හේතුවක් මුල්කොට ගෙන පහල වන බව ඔබ තේරුම් ගත්තේද? කුඩා කල සිට විවිධ දේ ඇසීමෙන්, දැකීමෙන්, ගද, සුවද, දැනීමෙන් ස්පර්ශ කිරීමෙන් හටගත් විවිධ සිතිවිලි ඔබ සතුව පවතී. අනාගතයේ ඔබ යම් කිසි සිදුවීමකට මුහුණ දෙන විට යමක් දකින විට එයට සම්බන්ධව පෙර ඔබ දැනීමෙන් ඇසීමෙන් දැකීමෙන් හටගත් සිතුවිලි ඒ මොහොතේ අවස්ථානු කූලව ඔබට පහලවනු ඇත. ඔබට කුඩා දරුවෙකු හමුවූවිට ඔවුන් සමග පලස්තීන අර්බුදය ගැන කථා නොකරන්නේ මේ නිසාය. කුඩා දරුවාට ගැලපෙන සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. රැකියා කරන ස්ථානයක් ප්‍රධානියා සමග පවුලේ ප්‍රශ්න කථා නොකරන්නේ (බොහෝවිට) මේ නිසාය. මෙම සිදුවීම ඔබ බුද්ධිමත් ජීවියකු ලෙස පෙන්වයි.

ඔබට මෙසේ යම් කිසි අත්දැකීමකදී පහල වන සිතුවිලි අතරින් එක් සිතිවිල්ලක් ප්‍රභලවීමෙන් ඔබ ඒ අනුව ක්‍රියා කරනු ඇත. එම සිදුවීමට සෑම විටම අනෙක් සිතිවිලි හේතුකරගෙනම ප්‍රභලව මතු වන්නකි.

කිසිවෙකු සොරකමක් කල අවස්ථාවක් සලකමු. කිසිවකු නිවසකින් බඩු සොරාගෙන පාරට පනිත්ම පොලිස් නිලධාරියෙකු ඔහුව දැක පසුපස පන්නන්නට විය. මේ අවස්ථාවේ සොරකම් කල මිනිසා තුල ඇතිවිය හැකි සිතිවිලි මොනවාද? ප්‍රධාන වශයෙන් පැන දිවීම පිළබඳ සිතිවිලිද පැනගොස් ෙබිරීම පිළිබඳවද මාර්ගය පිළිබඳවද සිතිවිලි පහල විය හැක. එසේම පොලිස් නිලධාරියා අත ගිණි අවියක් තිබුනිනම් ඔහු වෙඩි තියන බවට තර්ජනය කලේ නම් නොදුවා බාරවීම පිළිබඳවද තම ජීවිතය බේරීම පිළිබඳවද සිතිවිලි පහන විය හැක. ඔහුගේ දිවීම නොදිවීම තීරණය වන්නේ මේ සිතිවිලි වල ගැටීමෙන් හට ගන්නා සිතිවිල්ල මතයි. මීට පෙර අයෙකුට මෙසේ වෙඩි තැබූ සිද්ධියක් භයානක සිතිවිල්ලක් ඇතිවුව හොත් ඔහු නොදුවා බාර විය හැක. මීට පෙර ඔහුට සොරකම් කර පුරුදු නම් බේරී දිව යාම් පිළිබඳ සිතිවිලි පහලවීමෙන් ඔහු දිව යාමටද හැක. මෙසේ අවසාන සිතිවිල්ල මුල් සිතිවිලි වල ගැටීමෙන් හටගනු ඇත.

මුලින් මම කිසිවක් පිළිබඳව සිතන්න යැයි කියන විට ඔබ සිටියේ මට ඉදිරියේ යැයි සිතමු. මගේ ඉල්ලීමට ඔබ කැමති වුනි නම් එය ඉටුකිරීමට විවිධ සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. පහලවූ දේ අතරින් ඔඛෙ සමහර දෙයක් පෞද්ගලික නම් එය මට නොකියන ලෙසට ඒවා පිළිබඳව සිතිවිලි පහල වනු ඇත. මෙය කීමෙන් මොහු තුල මෙවැනි හැගීමක් ඇතිවේ යැයි වැනි සිතිවිලි ඔබ තුල ඇති වනු ඇත. ඔබට පහල වන එක් එක් සිතිවිලි අරභයාද මෙසේ සිතිවිලි පහලවී අවසානයේදී ගැලපෙන බවට සිතිවිලි පහල වුනු සිතිවිල්ලක් ඔබ මට කියනු ඇත. සිතිවිල්ලක් සැම විටම කිසියම් හේතුවක් නිසා උපදී එනම් හේතුවක් නොමැතිව සිතිවිල්ලක් පහළ විය නොහැක. එම හේතුවට අප අරමුණක් යැයි කියනු ලැබේ. අරමුණ ඔබ දකින දෙයක් දැනෙන දෙයක් ඇසෙන දෙයක් විදින දෙයක් හෝ මෙන්ම සිතිවිල්ලක් ද විය හැක. ඔබට පහලවන සියලූම සිතිවිලි කිසියම් හේතුවක් මුල් කරගෙනම පහල වන බව තේරුම් ගැනීමට අපහසු නැත. ඔබ උපන්දා සිට සිදුවූයේ මෙසේ හේතු අනුව සිතුවිලි පහලවීමයි. පසුව එම සිතිවිලි නව අත්දැකීම් මුල්කරගනිමින් සිතිවිලි පහල විය. ඒවායින් තව තවත් සිතිවිලි ඇතිවිය. නමුත් හොදින් තේරුම් ගන්න. නව සිතිවිලි යනුවෙන් පහලවන අමුතුම ආකාරයේ අලුත් සිතිවිලි නොමැත. ඒවා පරණ අත්දැකීම් අනුව පහලවූ සිතිවිලි, සිතිවිලි සමගද නව අත්දැකීම් සමගද මිශ්‍රවී ඇතිවන ඒවා පමණි.නමුත් අත්දැකීම් ද ඒවා තේරුම් ගැනීමද පැරණි සිතිව්ලි මතම තීරණය ෙවි.

ඉපදුනු අවධියේම කුඩා දරුවෙකුට මෙලොව පිළිබඳ අත්දැකීම් නොමැත. එම නිසා සිතිවිලි ඉතාමත් සුලූ ප්‍රමාණයක් තමුන්ට දැනෙන දේ අතරින් පහලවිය හැක. නමුත් කල්යන්නට යන්නට නිතර නිතර සිතිවිලි ඇතිවීමෙන් විවිධ කරුණු සම්බන්ධව ඔහුට සිතිවිලි පහලවනු ඇත. උදාහරණ ලෙස ආහාර පිළිබඳව සිතිවිලි වලින්ද අනෙක් කරුණු පිළිබඳව සිතිවිලි නොමැති බැවින්ද දකින සමහර ආකාරයට නොසුදුසු ද්‍රව්‍ය පවා ආහාරයට ගැනීමට ඔහු පෙළඹිය හැක. මෙසේ එක් එක් අවස්ථා පිළිබඳව හේතු සිතිවිලි පහල වන ආකාරය අනුව සොයා බලා තේරුම් ගැනීමට ගන්න.

පුද්ගලයෙකුට බාහිර දේ පිළිබඳව දැනුම ලැබීම යනු ඒ ඒ දේ පිළිබඳව සිතිවිලි පහලවීමයි. ළමයකු මොලොවට බිහිවූ පසු නොයෙක් දේ පිළිබඳව ඔහුට අත්දැකීම් වලින් ඒ ඒ දේ පිළිබඳව සිතිවිලි ඔහුට ඇතිවේ. මීලගට හමුවන අලූත් අත්දැකීමක් ඔහු තේරුම් ගන්නේ එනම් අලූත් අත්දැකීම් පිළිබඳ සිතිවිලි පහල වන්යේ මේ පැරණි සිතිවිලි අනුසාරයෙනි.

එනම් මුල් වතාවට මිරිස් කරලක් දකින දරුවෙක් එය තම අත්දැකීම් අනුව ස්පර්ශකර බලනු ඇත. ආහාර ගන්නා පුරුද්ද අනුව සපා කෑමටද පෙළඹෙනු ඇත. නමුත් එහි සැර දැනුනු පසු එය සැරබවට සිතිවිලි පහලවීමෙන් නැවත එය සිදු නොකරනු ඇත. ඔහුට ඉන්පසු මිරිස් කරල හා පැහැය ඇති රසකැවිල්ලක් දුන්නද? ප්‍රතික්ෂේප කරනු ඇත. නමුත් ඒවායේ වෙනස පිළිබඳ තේරුම් කරදුන් පසු හෝ උපායකින් රස කැවිල්ල කෑමට සැලැස්විමෙන් ඒ දෙකේ වෙනස පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. මේ සිතිවිලි ඔහුගේ අවබෝධයයි. අත්දැකීම් මදකම නිසා ඒවා සෑම විටම නිවැරදි නොවේ. අත්දැකීම් බහුලවීමත් ඒවා පැරණි අත්දැකීම් සමග ගැටීමත් නිසා අලූත් දේ පිළිබඳව මෙම නිවැරදි සිතිවිලි පහලවේ.

නමුත් අවබෝධය තමුන් අත්දැකීම් ලබාගත පරිසරය මත රදාපවතින්නකි. එනම් කිසියම් කුඩා දරුවෙකු සොරුන් බහුල පරිසරයක හැදී වැඩේ යැයි සිතන්න.

ඔහුගේ ඥතීන් සියලූ දෙනාද වැරදි වැඩම කරයි නම් ඒවා පිළිබඳවම කථා කරයි නම් ඒවායේ වරදක් නොකියයි නම් දරුවාට පහල වන්නේද එම සිතිවිලි පමණි. ඔහු වෙනත් හොද අත්දැකීම් නොලැබුනේ නම් වැරදි වැඩවල ආදිනව නොදුටුවේ නම් දුටුවාද අනෙක් අය එය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවේ නම් ඔහුද දිගින් දිගටම වැරදි ක්‍රියාවල යෙදෙනු ඇත. මන්ද දැනුම ලබා ගැනීම අතින් ඔහු අසරණයෙකි. ඔහුට පහලවන සිතිවිලි වැරදි අත්දැකීම් මතට පදනම් වීම මෙයට හේතුවයි. ඔහු මින් මිදීමට කරුණු කීපයක් මුල්කොට ගෙන සිදුවිය හැක. එකක් නම් කිසිවකු විසින් ඔහුට සැබෑ තතු පහදා දිය යුතුය. ඒවායේ ආදිනව පිළිබඳව කරුණු පහදා දිය යුතුය. නොඑසේ නම් සොරකම් කර අසුවීමෙන් ලැඛෙන විපාක දැකීමෙන් ඔහු ඉන් මිදිය හැක. මෙවන් යමක් සිදුවිනි නම් ඔහු ඉන් නොමිදෙනු ඇත. සිතිවිලි පහල වීමටද ඔහු තුල ඒවා ඇතිවීමට හේතුවන සිතිවිලි තිබිය යුතුය.

එනම් සමහර විට කෙනෙකු ඔහුට කරුණු අවබෝධකර දෙන විටද මීට පෙර එහි ආදීනව පිළිබඳ අත්දැකීමක් ඔහුට නොමැතිනම් එම සිතිවිලි නොමැති නිසා බොරුකීම හා බොරු කියන්නන් පිළිබඳව සිතිවිලි තිබේ නම් අනෙකා බොරුකාරයෙකු ලෙස හැගවෙන සිතිවිලි පහලවී ඔහුව නොසලකා හැරීමටද හැක. එය ඔහුගේ අත්දැකීම්වල අඩු පාඩුවයි. ලැඛෙන දඩුවමට බියෙන් ඔහු ඉන් අත්මිදීමට හැක. නමුත් කිසිවක් අවබෝධයෙන් අත්හැරවිය හැකි නම් එය ඉතාමත්ම විශිෂ්ඨය. මෙවැනි කරුණු අනුව අප සියලූ දෙනා මෙවැනි අසරණයින්ය. අප ලබාගන්නා අත්දැකීම් මත එනම් දකින අසන දැනෙන දේ අනුව පහල වන සිතිවිලි විනා වෙනත් දැනුමක් අපට නොමැත.

නුඹ මෙච්චර විභාග සමත්වුන අයෙකු වෙලත් මෙවැනි වැරැද්දක් කලේ ඇයි දැයි සමහරුන් සමහරුන්ට චෝදනා කරනු ඔබ අසා ඇති.

මෙයට හේතුව වැරැද්ද කල තැනැත්තාගේ අත්දැකීම් වල අඩුපාඩුව විය හැක. එනම් ඔහු කෙතරම් අධ්‍යාපනය ලැබුවද එය එක් පසකට පමණක් සීමාවීම මෙයට එක් හේතුවක් විය හැක. තමුන්ට ලැබුනු ලැඛෙන අත්දැකීම් ඇසුරෙන් පහලවුනු සිතිවිලි අනුව පහලවන සිතිවිලි විනා සිතීමට හැකි අයෙකු නොමැත. මෙවැනි තත්ත්වයක් තුල ඔහු වැරදි කරුවකු නොවේයැයි අපට සිතිය හැකි වුවද ලබා දෙන දඩුවම මත ඔහුත් අනෙක් සමාජයත් එය වරදක් බවත් නොකල යුතු බවත් තේරුම් ගනු ඇත. හොද මිනිසකු වීම පිළිබදව ඉගැන්වීම අධ්‍යාපනයේදී වැදගත් වන්නේ මේ නිසායි. එය අන් සියල්ලටම වඩා වැදගත්ය.

කුඩා දරුවකු ලොකුවත්ම ඔහු ලබන අති විශාල අත්දැකීම් ප්‍රමාණයද ඒවා මත පහල වන සිතිවිලිද එම සිතිවිලි ගැටීමෙන් හටගන්නා සිතිවිලිද නිසා වැඩිවියට පත් පුද්ගලයෙකු තුල හට ගන්නට සිතිවිලි ප්‍රමාණය අනන්තය මෙම නිසා යම් කිසි පුද්ගලයෙකු කිසියම් දෙයක් ගැන තනිවම සිතා මීලගට ගන්නා පියවර කුමක්ද? එම පියවර ගන්නේ ඇයි යනුවෙන් තීරණය කිරීම ඉතාමත් අපහසුය. සමහරුන්ට වැරැද්දක් පිළිබඳව අත්දැකීම් තිබුනද ඉන්කිසියම් ලාබයක් ලබයි නම් ඉන් ලැඛෙන සතුට පිළිබඳ සිතිවිලි වඩා ප්‍රභලව පහලවීමෙන් ඔහු වැරැද්ද සිදු කිරීමට හැක. මෙම නිසා සිතිවිලි අනුව කරුණු තේරුම් ගැනීමේදී කිසියම් ක්‍රියාවක් සිදුකිරීමට ඇතිවන සිතුවිලි වලට අනන්ත හේතු තිබිය හැක. මෙහිදී අප සිදු කරන්නේ සරලව කරුණු තේරුම්කර ගැනීමයි. මිනිසුන්ට සිතීමට අප දැන් දන්නා පරිදි, අප සිතා සිටි ආකාරයට සිදු නොකළහැකි බැවින්ද මේ කරුණු එක් පුද්ගලයෙකු වශයෙන් මෙම සමාජීය වශයෙන් සැලකීමේදීද ඉතාමත් වැදගත්වේ. මිනිසුන් අද සමාජයේ පහත් බොළඳ දේට වඩාත් රැවටී ඇතැයි පැවසෙන කථා ඔබ අසා ඇති මෙයට හේතුව ඉහත සදහන් වුනු ලෙස අත්දැකීම් මද වීමයි. නිතර රස වින්දේ කුමක් ද? රස විඳින්නේ කුමක්ද? ඔහුගේ රස වින්දනය එය තුළට සීමා වේ. වෙනත් දැනුමක් ලබා ගත හැකි මඟක් ඔහුට නොමැත.නමුත් මේවා සාපේක්ෂ බවද සිතන්න. එක් එක් අය තම අත්දැකීම් අනුව නිර්මාණ කරනු ඇත. ඒවා රස විඳින්නන් විසින් ද තමුන් ලැබූ අත්දැකීම් අනුව නිර්මාණය කරනු ඇත. ඒවා රස විදින්නන් විසින්ද තමුන් ලැබූ අත්දැකීම් මත පදනම් වී මෙය හොදය මෙය නරකය කියා ඒවා වර්ග කරනු ඇත. ඔවුන්ගේ ක්‍රියාවන් මත අත්දැකීම් ලබා ගන්නා මීලග පරපුරද ඒවා මතම පදනම් වෙමින් තීරණ ගනු ඇත. ඉතිහාසයේ සිට ශ්‍රාස්තීය සංගීතය නොතිබුනේ නම් සමහරවිට අද සියලූ දෙනා රොක් සංගීතය පමණක් රසවිදිනවා විය හැකියි. නොඑසේ නම් කිසියම් හේතුවක් මත සද ඇති රැයක බල්ලන් උඩුබිරලීමද මිහිරි සංගීතයක් සේ සැලකීමටද හැක. වෙනත් අත්දැකීම් නොමැතිවට පවතින කුමන හෝ දෙය යහපත් දෙය වනු ඇත.

පිදෙල් කැස්ත්‍රෝ හො එවැනි කිසිවකු වරක් මෙවැනි ප්‍රකාශයක් ගන බව මම අසා තිබේ. එනම් “විප්ලවය ඇතිවන්නේ දුප්පත්කම නිසා හෝ පෝසත්කම නිසා හෝ නොවේ දුප්පත් කම අසල පෝසත්කම කැපීපෙනෙන විටය”.

මෙය ඉතාමත් විශිෂ්ඨ කියමනකි. පිරිසක් ඉනට වස්ත්‍රයක් පමණක් සහිතව අද කාලයේ ඒවා සලකන ආකාරයට ඉතාමත් දුගී ලෙස ආහාර පමණක් සපයාගෙන ජීවත් වේ නම්ද තවත් පිරිසක් අද කාලයට අනුව සුඛෝපභෝගී ලෙස නමුත් මුල් පිරිසට නොපෙනෙන දුරින් ජීවත් වෙයි යැයි සිතමු. දුගී පිරිසට පොහොසතුන් පිළිබඳව අත්දැකීම් නොමැති නිසා කිසි විටෙක ඔවුන්ට තම තත්ත්වය පිළිබඳව සිතිවිලි ඇති නොවේ. නමුත් ඔවුන් පොහොසතුන් දුටුවහොත් ඔවුන් ආකාරයටම විමට උත්සාහ ගනු ඇත. මෙතෙක් දුරට ඔබ මට සමගද? මන්ද යත් අපට තව බොහෝදුරට යාමට තිඛෙන බැවිනි. නැවතත් අපි සිතිවිලි ඇතිවන ආකාරයට යොමු වෙමු. මෙතෙක් අප කථා කල කරුණු වලට අනුව සියලූම සිතිවිලි හේතුවලට අනුව ඔබට තේරුම් ගත යුතුය ඔබ කිසියම් අත්දැකිමකට මුහුණදුන් විට ඔබට ඇතිවන්නේ එම අත්දැකීමට සම්බන්ධ සිතිවිලිය. ඒ සම්බන්ධයෙන් මීලගට ඔබ ගන්නා පියවර මේ පහලවූ සිතිවිලි අනුව තීරණය වේ. එම පියවර ගැනීමට සිතිවිල්ලටද කිසියම් සිතිවිල්ලක් හේතුවී ඇත. එම සිතිවිල්ල ඇතිවීමටද තවත් සිතිවිල්ලක් හේතුවී ඇත.

ඔබ පාරේ තනිව ගමන් කරණ විට බිම වැටී ඇති රන් මුදුවක් දුටුවේ යැයි සිතමු. මේ මුදුව සම්බන්ධයෙන් දැන් ඔබට පහල වයි හැකි සිතිවිලි මොනවාද? අප උදාහරණ ලෙස ගනිමු. එහි පැහැය තව ලස්සන පිළිබඳව සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. දැන් බලන්න ඔබ පාරේ තිඛෙන අසූචි ගොඩක් දුටුවේ නම් ඒ පිළිබඳ ඔබට මේ සිතිවිලි පහල නොවේ. එවිට එම සිතිවිලි පහල වීමටද හේතුවක් තිබිය යුතුය. රත්තරන් මෙන් රන් පැහැය පිළිබඳ ඔබට කලින් සිතිවිලි තිබුනු බැවිනි. එසේම මුදුවේ වටිනාකම පිළිබඳව සිතිවිලිද පහල වනු ඇත. ඒවාටද පෙර ඔබ රන් පිළිබඳව ඇති සිතිවිලි හේතුවනු ඇත. එසේම මෙය ලබාගෙන පරීක‍ෂා කොට රත්තරන් බව දැනගන්නේ යැයි සිතමු. (ඔබේ මේ සෑම ක්‍රියාවකටම සිතිවිල්ලක් මූලක වේ.) මීලගට මෙය අයිතිකරු සොයා බාර දෙම්ද නොදෙම්ද යන සිතිවිලි පහල විය හැක. ඔබ කුඩා කල සිට දහම් අධ්‍යාපනයක් ලැබුවේ නම් එම සිතිවිලි ප්‍රභලවද නැතිනම් මුලින් අප කථා කල සොරුන් ඇසුරේ තැනුනු පුද්ගලයා මෙන් නම් එය තමා සතුකරගෙනම යාමටද හැක. මෙවන් අවස්ථාවක අයෙකු තුල පහල වන සිතිවිලි අප්‍රමාණය. ඒවාට හේතු ලෙසද ඒවායින් තවත් සිතිවිලිද වශයෙන් සිතිවිලි පහල ෙවි. නමුත් කිසිදු සිතිවිල්ලක් ඒ මොහොතේ කිසිවක් හේතුවක් නොමැතිව පහල විය නොහැක.

මේ පිළිබඳව තේරුම් ගත හැක්කේ ඔබම සිතා බලා තීරණය කිරීමෙනි.

මදකට නවතින්න. ඔබ පවසනු ඇති ඔව් ඔබේ පැනය මම දනිමි. මීට පෙර ඔබේ මනසේ පහලවූ පැනයක් මම මුලින්ම විසදා සිටිමි. “මේ කරුණු අනුව ඔබ කියන්නේ මට සිතිය නොහැකි බවයි. මෙහි තේරුම මමත් යන්තරයක්ම වැනි බවද “, ඔබට මේ ප්‍රශ්ණය මුලින්ම නැගුණා නොවේද? පිළිතුර කනගාටවෙන් වුවද බොහෝ දුරට ඔව් යන්න ෙවි. නමුත් බොහෝ දුරට යන්න මතක තබා ගන්න. ඔබ කයින් අත්දැකීම් ලබයි ඒ අනුව මනසේ සිතිවිලි ඇතිවේ. නැවතත් එම සිතිවිලි අනුව කයින් ක්‍රියාකරයි. බලයි දකියි. අසය. විදියි, නැවතත් ඒවා අනුව සිතිවිලි පහල වේ. මුල් සිතිවිලි අලූත් සිතිවිලිද අනුව නැවතත් ක්‍රියාකරයි. නැවතත් සිතිවිලි පහලවේ. නැවතත් ඔබ මෙවැනි යන්තරයකි.

අසනීප වුනු කිසිවකු ඒ සදහා ප්‍රථීකාර ලබන විටම තවත් ස්ථානයක හාස්කම් ඇතැයි මුලාවී එයට පුද පූජා කරයි යැයි සිතන්න. අවසානයේදී ඔහු සුවපත් වේ. ඔහු සුවපත් වූයේ නිසි ප්‍රථීකාර ගැනීම නිසා වුවද ඔහු සිතන්නේ තමුන් විසින් සිදු කල පුද පූජා නිසා සුවපත්වූ බවයි. මෙලෙසම අප කිසියම් දෙයක් සිදුකරන විට හෝ සිදුකල විට එය අප විසින් සිතා කරන බව හෝ කරන ලද බව සිතයි. නමුත් සිදුවූයේ අවස්ථාව අනුව සිදුවුනු දේ අප විසින් සිතා කරන ලද්දක් බවට සිතිවිල්ලක් පහල වීමයි. සියල්ල අනිත්‍යය සියල්ල වෙනස් වේ. මෙම වෙනස් වීම අනුව අප තුල මම යන හැගීම ඇතිවී තිඛෙන්නේ ඇතිවන්නේ මෙසේයි.

ඔබේ මීලග ප්‍රශ්ණය “ඔබට සිතීමට නොහැකිනම් මට ඔබ සිතා බලන්න යැයි කියන්නේ ඇයි ?”.

නමුත් මේ බලන්න මම ඔබට සිතා බැලීමට නොකීවේ නම් ඔබ ඒ ගැන සිතා බලයිද? සමහරවිට ඔබ ඒ ගැන සිතා බලනු ඇත. නමුත් මම ඒ ගැන සිතා බැලීමට යැයි කී නිසා ඔබ ඒ ගැන බොහෝ විට සිතා බලනු ඇත. ධර්ම දේශණ හෝ අවවාද දීමේ හෝ වැදගත්කම බට වැටහුනිද? ඔබ තුල සිතිවිලි පහලවන එක් විදියක් නම් අත්දැකීම් හේතුකොට ගෙන සිතිවිලි පහලවීමයි. අනේක විදි සිතිවිලි හේතුකොට ගෙනද සිදුවිය හැක. ඉහත මම ඔබට සිතා බලන්න යැයි කීම ඔබට අත්දැකීමකි. එයින් ඔබ කියවූ කරුණු පිළිබඳ සිතා බැලීමට පොලඹවන සිතිවිල්ලක් ඔබ තුල පහලවනු ඇත.

ඒ අනුවද අනෙක් සිතිවිලි වල බලපෑම තීරණය වන ආකාරය මතද ඔබ ඒ ගැන සිතා බැලීමට පෙළඹිය හැක. එනම් ඔබ මෙතෙක් දැන සිටි කරුණු දැන් දැනගත් කරුණුද හේතුකොට ගනිමින් අලූත් සිතිවිලි පහලවිය හැක. එනම් මෙය වඩාත් තේරුම් ගැනීම පිළිබඳව සිතිවිලි මෙන්ම අත්දැකීම් අනුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සිතිවිලිද විය හැක.

තම පැරණි අත්දැකීම් අනුව නව අත්දැකීම් තේරුම් ගැනීම පිළිබඳව සරල කථාවක් මෙසේය. පෙර මෙන්ම අදත් ලංකාවේ සමහර හරකුන් දක්කන්නන් උන් දක්කන්නේ ජඃ පිට මඃ යනුවෙනි. වරක් මෙය අසා සිටි සුදු ජාතිකයෙකු තම රටට ගොස් කියා සිටියේ ලංකාවේ ගවයින්ට දමා ඇත්තේ තම භාෂාවේ නම් බවය. එනම් ජැක් පීටර් හා මැක් පීටර් යනුවෙනි. කතාව සත්‍යය වුවද අසත්‍ය වුවද මෙහි සිදුවීම බලන්න. සුදු ජාතිකයාට මෙරට පිළිබඳ මෙහි ජඃ පිට මඃ පිළිබඳව අත්දැකීම් නොමැත. ඔහුට තිබුනේ තම රටේ නම් පිළිබඳව මතකයයි. ඔහු තම අත්දැකීම් තුලින් මේ වාක්‍යය තේරුම් ගත් ආකාරයයි ඒගුරුත්වාකර්ශණය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කෙරුවේ සර් අයිසැක් නිව්ටන් විසිනි. ඔහුට අනුව පෘථීවිය මත ඇද ගැනීමේ බලයක් ඇත ආකර්ශණයක් ඇත. ආකර්ශණයක්? අකාර්ශනය යන අදහස ඔහුට පහල වන්නට ඇත්තේ කුමන හේතුවකින්ද? කුමන අත්දැකීමක් මෙයට හේතු වන්නට ඇද්ද? මිහිපිට ඔබ ආකර්ශණයන් දකින අනෙක් සිදුවීම් මොනවාද? ඒ කලය දෙස බලන විට මට සිහියට එන්නේ එකම දෙයකි. ඒ චුම්භකත්වයයි. සර් නිව්ටන් චුම්භකයකට යකඩ ඇදෙනු නිසැකවම දැක තිබීමට ඇති අදහස ගුරුත්වාකර්ශණය පැමිණෙන්නට ඇත්තේ නිසැකවම චුම්භකත්වය තුලිනි.

මේ පිළිබදව පසු කලෙක කිසිවෙක් මට නිව්ටන් විද්වතාගේ ආකර්ශණ බලය යන්නට හේතු වූයේ අශ්වයින් බඩු ඇදගෙන යාම වැන්දේ දැකීම තුල ඇති වුනු අදහසක් බවයි. එය එසේ වුවද එයද පෙර අත් දැකීමක්ම වේ.

අද ලෝකයේ විද්‍යාත්මක මත සියල්ලට පදනම්ව ඇත්තේ මෙවැනි පෙර අත්දැකීම්ම වේ. කිසිවකු ඔබට විද්‍යාත්මක මතයක් මෙය ඉතා ගැඹුරුය. ඔබට තේරුම් ගැනීමට අපහසුයැයි කියයිද එම මතය සරල කොටස්වලට ඛෙදා දමන්න. එම මතය මත හා ඔහු පිළිබඳව ඔබට වැටහීමක් ලැඛෙනු ඇත. නමුත් සංකල්ප සරල අත්දැකීම් තුලින් පහල වුවද පසුව තම තමන් සංකල්ප ඒවටා ගොඩනැගීමෙන් මුල් සංකල්පය වැසී යනු ඇත. එයට පාදක වුනු අත්දැකීම සොයා ගැනීම මෙවිට අපහසුවේ. නමුත් මා දකින පරිදි මේ සෑම ගැඹුරු විද්‍යාවක්ම තුලම සරල බව පැවතිය යුතුය. ඔබම එය සොයා බලන්න.

බෞද්ධ කථා වස්තුවලට අනුව ලෝකය මත මිනිසා පහලවීමෙන් පසු ලොව තුල පළමු බොරුව කීවේ චේතිය නම් රජ කෙනෙකි. එදා බොරුව යනු කුමක්දැයි දැක ගැනීමට සෙනග එක් රැස්වී බලා සිටිබව පැවසේ. ඒ කාලය අනුව මෙය හුදෙක් ප්‍රවාදයක් පමණක් විය නොහැක. කිසිවකු බොරුවක් යනු කුමක්දැයි දැන සිටියේ නැත. චේතිය රජතුමා බොරුව නිර්මාණය කලේ කෙසේදැයි මෙහිදී ඔබ මගෙන් ප්‍රශ්ණ කරනු ඇත. නව සිතිවිලි හටගන්නේ පැරණි සිතිවිලි සමගම මිශ්‍ර වීමෙන් හා නව අත්දැකීම් / අරමුණු සමග මුසුවීමෙනි. සර් නිව්ටන්ගේ ආකර්ශණය සිතිවිලි තුලින්ම ඇතිවිය හැකිද? නමුත් බොරුව එසේ නොවේ. සිතා බලන්න.

බාහිර පරිසරයේ අරමුණු වැඩි වන්නට වන්නට සිතිවිලි පහල වීමද ඒවා මිශ්‍රවීමද වැඩිවේ. එවිට සත්ත්වයා තව තවත අරමුණු නිර්මාණය කරයි ඒ තුලන් තව තවත් සිතිවිලි ඇතිවේ. මෙය වැලැක්විය නොහැක. මුලින් ලෝකය තුළ ආහාර ගැනීමට පමණක් සිටි සත්ත්වයා අද වන විට කොතරම් අරමුණු ප්‍රමාණයක් තුල සිතිවිලි ප්‍රමාණයක් තුල ගිලී ඇත්ද? කෙමෙන් බොරුවෙන් සොරකමින් පටන් ගත් ලෝකය සිතිවිලි මිශ්‍රවීම තුල අද තත්ත්වයට පත්ව ඇත. අද මෙසේ නම් අනාගතය කෙසේ වේ දැයි ඔබට සිතාගත කළ හැකිද? මෙයට ප්‍රධාන හේතුව නව අරමුණු ලොව තුල නිර්මාණය කිරීමයි. අරමුණු නිර්මාණය අඩුවුවහොත් මිනිසුන් විනාශයෙන් ගැලවෙනු ඇත.

අරමුණු නිර්මාණය යනු කුමන හෝ සිතිවිලි පෙලකින් බිහිවන නව නිර්මාණයකි. මේ තුල අද ලොව තුල මිනිසකු කරන වරදක් දැක ඔබ සේ නොකරන්න යැයි එම අපරාධය කල මිනිසා වෙත කියා දීම එකකි. එය සියලූම මිනිසුන් උදෙසා කීම තවත් දෙයකි. එය එම වරද තවදුරටත් කිරීමට තවෙකෙකුට නෙදන්නා අයෙකුට කියා දීමකි. පත්තර තුලින් හෝ වෙනත් මාධ්‍ය තුලින් හෝ අද ඔබ දකින අපරාධ විස්තර වනාහී හෙට දවසේ අපරාධවල පෙරවදනකි. හෙට දවසේ අපරාධ වලට ඔබට කරන ආරාධනයයි. නමුත් අද තිඛෙන අරමුණු ප්‍රමාණය දෙස බලන විට අපට කල හැක්කේ මිනිසුන් විනාශයට යන ගමන මදකින් වත් පමා කිරීම පමණි. නමුත් නැවැත්වීම කිසිදාක නොකල හැකි වෙයි.

පැවිදි වියට පත්වන බෞද්ධ භික්ෂුවක් සියලූ දේ අතහැර මහණ වන්නේ මේ නිසාය. අරමුණු අවම කර ගැනීමද සදහාය.

දැන් අපි නැවතත් සිතිවිලවල ක්‍රියාකාරිත්ව බලමු. නව සිතිවිලි පැරණි සිතිවිලි මිශ්‍රවී ඇතිවන බවට හොදම උදාහරණයක් නම් ඔබ සිතින් මවා ගන්නා හෝ සිහිනෙන් දකින රූපයි. ඔබ කවර ආකාර මුහුණක් අලූතින් සිතාගත්තද දුටුවද එය ඔබ දැක ඇති සුපුරුදු මුහුණුවල කොටස්වලට වෙන්කර ගැනීමට ඔබට හැකි වනු ඇත. මා දුරකථනයකින් ඔබ අමතා කිසිවකුගේ රූපයක් ඔබට විස්තර කරනවායැයි සිතන්න මෙවිටද ඔබ තුළ මා කියන රූපයට සමාන රූප පිළිබඳව රූප මතුවී ඒවා මිශ්‍රවී මට කියන රූපයට සමාන යැයි ඔබට සිතෙන රුවක් ඇතිවනු ඇත.

සත්ත්වයාට අප මේ සිතා සිටින ආකාරයට සිතීමට නොකළහැකි බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය. ඔබ දුටුවද නොදුටුවද මෙය තුල ඇති විශාල රහස් ප්‍රමාණයක් ගැබ්ව පවතී.

දැන් අප තුළ සිතිවිලි පහල වන ආකාරය පිළිබඳව කථා කලෙමු. ඒවා අවස්ථාවට අනුව පහල වන බව ඔබ දැන් තේරුම් ගෙන ඇති. දැන් මට මෙය කියන්න. මේ සිතිවිලි ඔබ තුල ඇති කෙරුවේ කව්ද? ඔබ මෙලොව ඉපදුනු පසු මේ ගසය, මේ හිරුය,මේ මිනිසා යැයි හදුන්වා දෙමින් මේ සිතිවිලි ඔබ තුල පහල කෙරුණා විනා ඔබ විසින් මේ සිතිවිලි ඇතිකර ගනු නොලැබූවකි. ඒවා ඔබ විසින් කරන ලද නිර්මාණ නොවේ. මා කීදෙය තේරුණාද ඔබ ලෝකය දකින්නේ ඔබ තුල සිතිවිලි පහල වන්නේ ඔබ ඉපදුනු පසු ඒ පරිසරය තුලින් ඔබ තුල පහල කෙරවු සිතිවිලි තුලිනි. දැන් ඔබට සිතීමට බැරිබවට අපි කරුණු දැක්වූයෙමු. නමුත් දැන් පෙනෙන්නේ කුමක්ද? ඔබ තුල ඒ පහලවන සිතිවිලි පවා ඔබේ නොවන බවයි. ඔබ විසින් හෝ ඔබේ දෙමව්පියන් විසින් ඒවා නිර්මාණය නොකරන ලදී. ඔබ වනාහී අතීතයේ සිට අනාගතය ගලා යන අනන්ත වූ සිතිවිලි ප්‍රමාණයකි. මම යනුවෙන් ඇතිවුනු නමුත් සැබැවින් නොපවතින) මායාවකි.

ලෝකයේ සත්ත්වයාගේ මුල කුමක්දැයි පැනයට බුදු දහම දෙන පිළිතුර වන නොපෙනෙන කෙලවර යනු මේ චිත්ත ප්‍රවාහයයි. සැබෑවටම මුලක් සෙවීමට සත්ත්වයකු නොමැත.

Comments

comments powered by Disqus