සංස්කාර , කර්මය, සසර , සකස් කිරීම, = ලෝකය, ගුරුත්වාකර්ෂනය , ආරෝපනය

Upsal
Written by Upsal on
සංස්කාර , කර්මය, සසර , සකස් කිරීම, = ලෝකය, ගුරුත්වාකර්ෂනය , ආරෝපනය

(මේක ටිකක් දිග ඇති. නමුත් ඉතින් හැමදාම නොදැන ඉන්නවට වඩා හෝ නොදන්නා නිසා පොරවල් ඉදිරියේ චාටර් වෙනවට වඩා මේ වෙනුවෙන් විනාඩි කීපයක් වැය කරලා දැනුමක් ගන්න එකේ පාඩුවක් නැහැනේ. ඒක නිසා පොඩි කට්ටක් කන්න :D ඒක හැම දෙනාගේ සුබ සිද්දිය සදහාමයි. :)

පහත රූපය බලන්න . මෙය තනිකරම ඇද ඇත්තේ තිත් තැබීම මගින් . නමුත් තිත් වෙනුවට අපට මෙය තුල යම් වෙනත් රූප පෙනෙනවා. ඇයි මේ රූපයක් මෙසේ පෙනෙන්නේ ? මේ අපට දැක පුරුදු , වෙන් කර දැකිය හැකි බව පෙනෙන රූපයක් නිසා. දැන් දෙවන රූපය බලන්න . මේතුල අපිට විසිරුනු තිත් හැර පෙර මෙන් රූපයක් පෙනීමක් නැහැ. නමුත් උත්සාහා කලොතේ මේ අතරින් රූපයක් මවා ගැනීමට බාධාවකුත් නැහැ. දෙවන රූපයේ යම් මවා ගත් රූපයක් දිගින් දිගටම මෙනෙහි කරමින් පුරුදු කරා යැයි සිතමු. පසුව මේ රූපය වෙනත් තැනකදී දුටුවත් තිත් වෙනුවට ක්ෂනයෙන්ම පුරුදු කල රූපය පෙනී යනවා. තව දුරටත් තිත් ගෝචර වීමක් නෑ.

📷

මුල් රූපයේ තිත් අතරින් අප රූපයක් දැක්කේ ඒ තිත් සැකසීම අපට පුරුදු නිසා. දෙවන රූපයේ අප තිත් සකසා ගෙනයි රූපයක් දුටුවේ.ඒ වගේම මුල් රූපයේ රූපය දැකීම තවදුරටත් මෙනෙහි කරමින් එය වර්්ධනය කර ගන්නත් පුලුවන්. ඒ වගේම තිත් පමනක් මෙනෙහි කරමින් එහි රූප ස්වභාවය දෙවන රූපයේ මෙන් නැති කර ගැනීම පුරුදු කර ගැනීමටත් අපිට පුලුවන්. මෙන්න මේ සකස් කිරීම තමයි සංස්කාර කියලා කියන්නේ. මුල් රූපයේ ක්ෂනයකින් අපි රූපය දුටුවේ අපි සකස් කර ගෙන සිටි නැතිනම් සකස් කිරීම පුරුදු කර ගෙන සිටි ආකාරයට ගැලපෙන දෙයක් නිසා. දෙවෙන රූපයේ අපි කලේ අලුත් සකස් කිරීමක් කර ගැනීම. එතකොට මේ තිත් මොනවද ? ඒවත් සකස් කර ගැනීම්ම තමා. ඒවත් අවශ්‍ය නම් ලොකු කරලා බෙදලා බලන්න පුලුවන්. තිත් ස්වභාවය නැති වෙන හැටි බලන්නත් පුලුවන්. ඒ වගේම මෙහි ඇති තද ලා වර්න ගතියත් සකස් කර ගැනීම්ම තමා. පාට ඔක්කොම අල්ලලා කැර ාකෙව්වහම සුදු පාටයි. තද පාටක් ලග තියෙන ලපාටක් අදුරුයි. සමහර පාට සමහර පාට නෙමයි සමහර පාට ලගදී. (තව ඕන නම් ඇහේ වෙනස් වීම් සකසා ගැනීම් කියලත් ගන්න.)

නැතිනම් කලින් වගේ එකට එකතු කර කර තිත් නැතුව රූපම දකින තැනට මෙනෙහි කරන්නත් පුලුවන්. ඒ වගේම මේ රූප කියන්නෙත් නිරතුරුව වෙනස් වෙන දෙයක් . ඔය කොලයක් එලියේ තිබ්බත් , මේ පරිගනකයේ විදිහමට ගත්තත්. මේ ක්ෂනයක් පාස සිදුවන වෙනස් වීම්.

අපි ඒ වෙනස් වීමත් අත ඇරලා දීර්ග ලෙස මේක පවතින බවත් මෙනෙහි කර ගෙන තිබෙනවා. අපි සකස් කර ගෙන ඉන්නවා මෙන්න මෙතනින් එහා වේගයෙන් සිදුවන වෙනස් වීම් වෙනස් වීමක් නොවන ලෙස දකින විදිහට. ක්ෂනයකින් නිවිනිවි පත්තු වෙන බල්බයක් අපිට පේන්නේ දිගටම පත්තු වෙලා තියෙන බල්බ් එකක් විදිහට.

මේ රූප දැකීම වගේ මේ පර්යේෂනමය කරලා බලන්න පුලුවන් ශබ්ධය සම්බන්ධයෙනුත් . නිකම් අහඹු ලෙස නිරතුරු ඇහෙන ශබ්ධ ටිකක් සිතින් සිතමින් ඒ හරහා යම් තාලයක් හෝ යම් ‍වෙනස් ශබ්ධ යක් ඇසෙන ලෙස මෙනෙහි කිරීමට ඔබට පුලුවන්ද ? මේක ඇත්තටම කරන්න පුලුවන්. අපි සංගීතය කියලා අහන්නේ කලින් පුරුදු කරපු සංස්කාර. ඒවගේම අලුත් ශබ්ධ අපිට සකසා ගන්න පුලුවන් අලුත්ම සංගීත විදිහට හෝ නැතිනම් පරන සංස්කාර වලටම ගැලපෙන විදිහට. ඇත්තටම ගත්තොත් ශබ්ධ කියන්නෙත් කන් බෙරයේ ඇති වන කම්පනය. මේ කම්න ටික සකසා ගැනීම තමයි අපි වචන සංගීතය හෝ විවිධා කාර වෙනත් ශබ්ධ ලෙස අසන්නෙත්.

ස්පර්ෂය කියන්නෙත් මෙහෙමම තමයි. වේදනාවක් දැනෙන තැනක් හොදින් මෙනෙහි කලොත් පේනවා මේ වේදනාව ඇති වෙවී නැති වෙවියි දැනෙන්නේ කියලා. නමුත් සමස්තයක් විදිහට අපිට එක දිගට පවතින වේදනාවක් විදින්න තමයි පුරුදු කර ගෙන තියෙන්නේ. ඒ අතරින් පතර ඇති වෙන නැති වෙන ස්වභාවයත් තවත් බෙදලා බලන්න පුලුවන්. සමහර අයට තවත් කෙනෙකුට දැනෙන් වේදනාව සතුටක් ලෙස විදින්න පුලුවන්. අර ප්‍රීති කැසිල්ල කියලා එකකුත් තියෙන්නේ. :D කැසිල්ලක් තිබෙන කොට ඒක කහන කොට සැපක් . නිකම් කහන කොට සැපක් නෙමෙයි.මේවගේම ගද සුවදත් සකස් කර ගැනීම්ම තමා. (තව අවශ්‍ය නම් සමේ වෙනස් වීම් සකසා ගැනීම කියලත් ගන්න)

මේ කතා කලේ සකස් කර ගැනීමේ මූලිකම ටිකක් නමුත් මේ සකස් කර ගැනීඹ සැබෑ ලෝකයේදී අතිශයින් සංකීර්ණයි. හිතන්න අර දෙවෙනි රූපය තුල අපි මවා ගත්තා කාන්තා රූපයක් . ඊට පස්සේ ඕක කාලයක් පුරුදු කලා අන්තිමට තිත් නෙමෙයි පේන්නෙම ලස්සන කාන්තා රූපයක් වෙන තැනට. ඊට පස්සේ ඔන්න තව සකස් කිරීම් ගේන්න ගත්තා , අනේ ඇස් දෙකේ ලස්සන, අනේ හමේ පාට, අනේ කොන්ඩයේ දිග වගේ. ඊට පස්ස තවත් බැදෙනවා අනේ මේක ඇත්තම නම්, මට ඇත්තටම මෙහෙම කෙනෙක් හිටියනම් ඔන්න ඔය වගේ. දැන් බැරි වෙලාවත් මේ චිත්‍රය ගින්නකට අහුවෙලා විනාෂ උනොත් එහෙම අන්න කොහේවත් තිබිච්ච නැති දුකක් එනවා එක පාරටම . ඔන්න සංස්කාර අනිත්‍ය වීම නිසා දුක හට ගන්නවා. සකස් කර ගත්ත දෙය නිත්‍ය වශයෙන් ගැනීඹ නිසා එහි වෙනස් වීමෙන් දුක හට ගන්නවා.

මේකම පලවෙනි රූපයටත් දාමු ඒකේ අපි දකින කොටම රූපය පෙනුනනේ. මේකත් දැක දැක තව අනු නිමිති දාගෙන සකස් කර ගත්තොත් සහ එයත් වෙනස් උනොත් ඒත් ඔය දුකම තමයි.සකස් වෙලා තිබුනු සංස්කාර අපි නොදැනුවත්වම අල්ාලගෙන ඉන්නේ මේ සත්‍ය ස්වභාවයක් කියලා. ඒකට තව තව බැදෙනවා . ඉතින් අන්න වෙනස් වීමෙදි දුක ඇදිලා එනවා. මෙන්න මේ යතා ස්වභාවය නොදැකීම අවිද්‍යාව. අන්න අවිද්‍යාව නිසා අපි සංස්කාර කරනවා. අවිද්‍යා පච්චයා සංස්කාර.

වැදගත්ම තැන අපේ සිතිවිලි. සමහර සිතුවිලි සැපයි සමහර ඒවා දුකයි. මේවා මොනවද මේ මේවා ඇත්තටම තිබෙන සකස් කර නොගත් දේද ? නැහැ මේ සතුටු දුක් සිතිවිලි හට ගන්නේ අපේ අර බාහිර අරමුනු සමගත් ගැටීමෙන් . පසුව මේ සිතිවිලි එකිනෙක ගලපා ගැනීමෙනුත් නැතිනම් මෙනෙහි කිරීමෙනුත් අලුත් සිතිවිලි සකස් කර ගන්නවා . බලාපොරාත්තු, චේතනා, සංකල්ප වගේ සියලු දේ.

දීර්ගව එකින් එක විස්තර කරන්න පුලුවන් උණත් මේ සියල්ලම සිතිවිලි රූප ශබ්ධ ස්පර්ෂ ආදී සියලු දේ සමස්ත වශයෙන් සිදුවන වෙනස් වීම්. මේ වෙනස් වීම් එකිනෙක ගලපාගෙන, ගැලපිලා, මෙනෙහි කරගෙන, සංකල්ප හදාගෙන තමා මේ ලෝකයක් කියන දෙයක් අපි දකින්නේ කියන එක දැන් තේරුම් යා යුතුයි. අර ඉරියාපත භාවනාවෙදිත් කරන්නේ ඉරියව්පත මෙනෙහි කරලා ඒවායේ ඒ ස්වභාවය නැති ලෙස දැකීමට පුරුදු කිරීමක් නේද? මේ තමයි සංස්කාර ලෝකය. මේ සියල්ල එකිනෙකට ඈදුනු දේවල් . සියල්ල සමස්ත වෙනස් වීම් . මේ වෙනස් වීම් සකසා ගැනීමම තමයි සංස්කාර. නමුත් සංස්කාර සකසා ගන්න උදව් වෙන්නෙත් සංස්කාරම තමයි.

බනේ තිබෙනවා මේක බොහෝම ලස්සනට පැහැදිලි කරලා . යමක් යමක් බවට පත් කරන්නේ මොකද්ද ඒක සංස්කාර. මලක් මලක් බවට පත් කරන්නේ සංස්කාර. දුක දුක බවට පත් කරන්නේ සංස්කාර. ඒ වගේම සංස්කාර සංස්කාර බවට පත් කරන්නේත් සංස්කාර. සංස්කාර කියන්නේ පවතුරේ පාවෙන අයිස් කුට්ටියක නොපෙනන විශාලම කොටස වගේ කියන උදාහරනයට හේතුව පැහැදිලිද ?

දැන් පටිච්ච සමුප්පාදයේ එන අංග ටික ගනිමු. වචන හැටියටත් මේවා සංස්කාර, තේරුම් හැටියටත් මේවා සංස්කාර. සංස්කාර හැටියටත් මේවා සංස්කාර. සකස් කර ගැනීම්. එතකොට මරණය ? ඔව් ජීවිතය නැතිනම් මරණයකුත් නෑ, ජීවිතයේ සියලු දේ සකස් කර ගැනීම් බව අපි ඉහල කාරනා වලින් පෙනෙනවා. අපි දකින තවත් පුද්ගලයකුගේ රූපමය කොටසේ වෙනස් වීම මරනය කියලා සකසා ගෙන ඉන්නවා . ඒ වගේම අර සමස්ත වෙනස් වීමේ එක් කොටසක් මරනයක් කියලා සකසා ගෙන ඉන්නවා. ඒක සැකසීමක් වගේම තේරුම් හැටියටත් මරනය ලෙස අප සකසා ගෙන ඉන්නවා. ඔච්චරයි. මරණය මරණයක් නොවන තැනට අපිට සකසා ගන්න පුලුවන්ද ? ඔව් ඒකට තමා නිවන කියන්නේ. එතකොට හැබැයි අර ජීවිතය කියන සංකල්පයත් නැතිනම් සකස් කර ගැනීමත් නෑ. සියලු සකස් කර ගැනීම් අහෝසියි . නිවන සංස්කාරයක් නොවෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවද ?

මේ වගේම පින් පව් කියන්නෙත් සකස් කිරීම් , නැතිනම් සකසා ගැනීම්, නැතිනම් පුරුදු කිරීම්. ඒවායේ පුරුදු කරන තරමට අනුරූප පුතිපල ලබා දෙනවා. නැතිනම් සකස් වුනු දේ ලබා දෙනවා.

පැහැදිලි කරන්න පුලුවන් උණත් මම හිතන්නේ ඊලපගට අපි කරන ක්‍රියා කතා කරන වචන ආදෙී සියලු දේත් හදුනා ගන්නා සියලු දේත් සංස්කාරම බව ඕනෑම කෙනෙකුට තේරුම් යායුතුයි දීර්ගව විස්තර නොකලත්. දැන් අර දෙවෙනි රූපයේ මවා ගත් රූපය පුරුදු කලා වගේ අපි දැන් මේ කරන සෑම ක්‍රියාවකදිම සිදු වන්නේ සිදු කරන්නේ සකස් කර ගැනීම තවතවත් පුරුදු කර ගැනීම. අන්න ඒ පුරුදු කිරීමට අනුව පසුව වෙනත් කොලයකින් උණත් පුරුදු රූප පෙනෙනවා වගේ අපිට ඒ පුරුදු කරපු දේට අනුරූප දේ තමයි දකින්න විදින්න ලැබෙන්නේ. ඔය තමා කර්මය . නැතිනම් කර්ම පල. කර්මය සංස්කාරය සියල්ල එකට ගැලපෙන්නේ කොහොමද කියන එක දැන් වැටහිය යුතුයි.

ඒ වගේම දෙවන රූපයේ තිත් අතරින් අපි පෙර පුරුදු කරපු රූපය අත ඇරලා වෙනත් රූපයක් දකින්න පුරුදු කරනවා කියලා හිතමු. පස්සේ කාලකදී අපිට මුල් රූපය පෙනෙන්නේ නෑ දැන් පෙනෙන්නේ වෙනස් රූපයක්. දැන් මුල් රූපය අපිට ගෝචර නෑ. මේක ඇත්ත ලෝකයට සම්බන්ධ කලොත් අපි මේ අනුවම තේරුම් ගත යුතුයි අපේ ශරීරය කියන්නේ මේ අනුව සකසා ගත් රූපයක් බව. ඒ රූපයත් බාහිර ලෝකයත් එකිනෙකට අනුරූපයි. දැන් අර විදිහට අපි බාහිර ලෝකය දැකීමට පුරුදු කලොත් කලෙකදී අපේ මේ ලෝකයේ මේ ලෝක ස්වභාවය අපිට පවතින්නේ නෑ. අපේ ශරීරය එලෙස පවතින්නෙත් නෑ. පවතින ලෝකය තුලම නොපෙනන ලොකයක් පැවතීම සරලව මෙහෙම තේරුම් ගන්න පුලුවන් . මේ ගැන තව අවශ්‍ය නම් අහන්න දීර්ගව විස්තර කරන්න පුලුවන්. මේක දිහා බලලා දැන් තේරුම් ගන්න නැතිනම් සාකච්ඡා කරන්න. මරනින් පස්සේ අපායට යාම දිව්‍ය ලෝකයට යාම , කර්මය ආදී දේ පිලිබදව හිතන්න. ඉපදෙන කොටම සල්ලි ිතයෙන තැන් වල ඉදපනෙදවා නැතිනම් මොලේ නැතිව ඉදපදෙනවා. මේ සියල් ල සකස් කිරීම්. ගැටලු තියෙනවා නම් අහන්න. දිග ලිපි කියවන්නේ නැති නිසා දිගට විස්තර කරන්නේ නෑ.

විශෙෂයෙන් කියන්න ඕනේ මේ මතයක් යනවානේ කර්මය පුනර්භවය , සසර වගේ දේ බුදු දහමේ පැහැදිලි කරලා තැන ඒවා විශ්වාස විතරයි වගේ. ඇයි මේකට හේතුව / කරුනු නොසෙවීම, නුවනින් නොදැකීම. ඕක බනෙත් තිබෙනවා අනාගත ශාසනයේ භික්ෂූන් ගැඹූරු ධර්ම කොටස් මග හැරීම ශාසනයේ පරිහානියට හේතුවක් වන බව. අතීතයේදිත් සාමාන්‍ය මිනිස්සුන්ට නැවත නැවතත් පුනර් භවය භවය වගේ දේ ඇසීම නිසා ඔවුන් එය ඇත්ත බවට හොයන්නේම නැතුව සකස් කර ගත්තා. ඇත්තටම ඔවුන්ට එය අවශය උනේ නෑ. ඒ නිසා මෙයට හේතු කාරක වුනු කොටස් යට ගොස් මේවා තනි දේ ලෙස පෙනෙන්න ගත්තා. අද ඒ නිසා මේවා ගැන අහන කොට අර මුල් දේවල් අමතකයි. නැවතත් සංස්කාරම තමා .

දැන් උඩ ටික මොඩනයිස් කලොත් ඔය සංස්කාර කියන්නේ තොරතුරු, ඔය විතරක් නෙමෙයි කාලය පවා සංස්කාර සකස් කර ගැනීම්. සරලව ගත්තත් අපි යමකට සාපේක්ෂව තව දේක වෙනස් වීමයි කිලය කියලා ගන්නේ. ඕකත් හදුනා ගැනීමක් , ඕකත් සකස් කර ගැනීමක්. දැන් පුලුවන් කෙනෙක් ඔය සකස් කර ගැනීමෙනුත් පිට පැනලා මට සංස්කාර වල මුල පෙන්වන්න බලන්න. පුලුවන්ද. බැහැ . මුල වර්තමානය අනාගතය වගේ දේත් තිබෙන්නේ මේ පටිච්ච සමුප්පාදය තුලමයි. ඉන් පිටත නෙමෙයි. ඒක තේරුම් නොගැනීම නිසා සමහරුන් අවිද්‍යාවේ මුල කොතනද පටිච්ච සමුප්පාදයේ මුල කොතනද වගේ ගැටලු අහනවා. ඒ වගේම තව කැච් එකක් දෙන්නම්. ගුරුත්වය කියන්නේ සකස් කර ගැනීමක්. අඥ්ඥඥ්න සූත්‍රයේ අහසේ පාවෙවී හිටපු සත්ත්වයින් පෙලවේ දිව ගගා ඉන්න කොට ඒකට පුරුදු උනා , ඒක සකස් කර ගත්තා. අන්න දැන් සකස් කර ගැනීම පොලව උඩ ඉදීම. ඊට පස්සේ තමුන් ඉන්නේ කොහොම ඒ සකස් කර ගැනීමම අනෙක් වස්තු වලිනුත් දකින්න පටන් ගත්තා. මේවා තිබේනනේ ලෝකය මතයි අහසේ නොවෙයි කියලා.හිතලා බලන්න මම කිව්වා කියලම නෙමෙයි. ඔතන ඉදන්ම් ඕනෙ නම් ප්‍රතිගුරුත්වයට පාර පෙන්වන්නත් පුලුවන් :) .

මේ ලිපියේ මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් බය නැතුව අහන්න. ධර්මය එපිටින් යමක් තිබෙනවා නම් එයත් කාරුනිකව පෙන්වන්න. මගේ දැනීමේ හැටියට එහෙම තැනක් මට පෙනුනේ නැහැ. උදාහරන වල වෙනස් කම් හැරුනු කොට. හැබැයි ධර්මයේ ගාම්භීර කමට මම අනන්ත වාරයක් යටත්. ඒ නිසා සුලු හෝ නොගලපීමක් තිබෙනවා නම් මම ඒක නිවැරදි කර ගන්නවා ක්ෂනයෙන්. නමුත් හැමදාම එන චෝදනාවකුත් තියෙනවනේ මේ අර කාගෙදෝ විද්‍යාවක් අල්ලාගෙනලු අපි බුදු දහම ගැන කතා කරන්නෙත් කියලා. මෙන්න තියෙනවා . කිසිම විද්‍යාවක් නැතුව කිසිම මාන සංකල්පයක් හෝ කිසිවක් භාවිතා නොකර තම තමුන් හරහාම ලෝකය පෙන්වලා. ඒක තමුන් තුලින්ම දැක ගන්න පුලුවන්. එහෙම නෙමෙයි කියනවානම් කරුනා කරලා පෙන්වන්න. ඒ වගේම ව දේ තියෙනවනේ මේ සූඩෝ සයන්ස් කියලා . තමුන්ම ප්‍රලාපයක් හිතලා තමුන්ම ඒකට ප්‍රලාප තර්ක ටිකකුත් හදලා ඔන්න ඒක පිලිබදව වාද කරනවා. දැන් ඕක ඇතුලට ගියහම තර්ක කරන්න වෙන්නේ ඒක ඇතුලේ ඉදගෙන. ඒක ප්‍රයෝගික නැති බව හෝ ප්‍රායෝගිකව පරීක්ෂා කල නොහැකි බව අත ඇරෙනවා . නැත්නම් සකස් කර ගැනෙනවා දැනුවත්ව හො ්දොනුවත්ව. දැන් ඔක්කොම එක ගොඩේ. ඌරා පෙර කන්න මඩ වලට ඇදලා ගත්තා වගේ. ඔය සමහර බටහිර තියරිත් ඔය වගේ. ප්‍රායෝගික නෑ හැබැයි ඒක නෑ කියන්න අපිට මඩට බහින්නලු. බැහැලා බලන්නලු . නමුත් මේ දක්වපු දේ ප්‍රායෝගිකත්වය සමගයි දැක්වූයේ ඓහෙම නෑ මේවත් සූඩෝ සයන්ම නැතනම් අර “ මෙටා පිසික්ස් “ :D කියනවා නම් ඒකත් පුලුවන්නම් පෙන්වන්න .

Comments

comments powered by Disqus