සත්ත්වයාට සැකසුනු විශ්වය

Upsal
Written by Upsal on
සත්ත්වයාට සැකසුනු විශ්වය

විශ්වයේ විශාලත්වය අපට හිතා ගන්න බැහැ. විද්‍යාව අනුව අද ගවේශනය කරන්න පුලුවන් ප්‍රමාණය කියලා හොයා ගෙන තියෙන ප්‍රමාණයත් අතිශයින්ම විශාලයි. එයින් එහාට විශව්යේ විශාලත්වය පිලිබදව කිසිම අදහසක් වත් ලබා ගත නොහැකියි. විශ්වය අනන්ත බව තේරුම් ගැනීමත් අමාරු දෙයක නෙමෙයි.

නමුත් අපි අද දන්නා ගවේශනය කල හැකි විශවයේත් නොදන්නා දේ අතිවිශාලයි. සිතා ගැනීමට පවා බැරි දේ, දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක නියම වලට පවා වලංගු නොවන දේ වගේ බොහෝ විවිධ දේත් විද්‍යාඥයින් එය තුල පවා නිරීක්ෂණය කරලා තියෙනවා.

දැනට විද්‍යාඥයින් අනුමාන කරන ආකාරයට අපට නිරීක්ෂණය කල හැකි විශවයේ අවම වශයෙන් තාරකා 1,000,000,000,000,000,000,000 (එක බිලියන දස ට්‍රිලියන ට්‍රිලියනයයි බින්දුවයි ? ) ප්‍රමාණයක් වත් පැවතිය යුතුයි. ඒ බිලියන සියයක් පමන වන චක්‍රාවාට වලින්. නමුත් ඊටත් එහා තවතවත් බොහෝ දේ පවතින බවට සාධරන සාක්ෂි තිබෙනවා. universe

ඒ වගේම අපේ මන්දාකිණිය වන ක්ෂිරපතයේ තිබෙන බිලියන තුන්සියයක් පමන වන තාරකා වල දැනට සොයා ගෙන ඇති ග්‍රහලෝක අනුව බිලියන තිහක් පමන ග්‍රහලෝක පැවතිය යුතු බව අනුමාන කෙරෙනවා. මෙය බොහෝ විට මීට වඩා වැඩිවිය හැකියි.

මේ සියල්ල අතරේ කලු කුහර , නීහාරිකා, උල්කා, වල්ගා තරු, දූවිලි වලා, නියුට්‍රෝණ තාරකා වගේ නොයෙකුත් විවිධ ග්‍රහ වස්තුත් එවැනිම ප්‍රමාණ වලින් පවතිනවා. ඉතින් සමස්තයක් ලෙස බැලුවහම මිනිසා තවමත් විශ්වය ගැන දන්නදෙයක් නැහැ.

මේ සියලු ග්‍රහ වස්තු තැනී ඇත්තේ පරමාණු වලින් මේ නිසා මේ ගවේශනය කල හැකි විශ්වයේ සියලු ග්‍රහ වස්තූන්ගේ ඇති සියලු පරමාණු ප්‍රමාණය 10^78 to 10^ 80 අතර ප්‍රමාණයක් බවටත් අනුමාන කෙරෙනවා. කවුරුත් නොදන්නවා නම් මේ අදහස මුලින්ම ලෝකයට ගෙන ආවේ යුක්ලීඩ්. ඔය අංකයට අද කාලේ ග්‍රැහැම් ගේ අංකය කියලා කියනවා.

විශ්වයේ බිහිවීම සම්බන්ධව අද පිලිගන්නා ප්‍රධානම මතයට තමයි මහා පිපිුම් වාදය කියලා කියන්නේ. විශ්වය යම් පිපිරීමකින් බිහිඋනා. ඒ පිපිරීමට හේතු වුනු දෙය කුඩා ලක්ෂයක් බවට පත් වෙලා තිබුනු අධි විශාල ස්කන්ධයක් සහිත දෙයක් බවයි කියවෙන්නේ. මෙය තුල ඒ වන විට කිසිම දෙයක පැවැත්මක් තිබුනේ නැහැ. එය ඒකමානයි. අදට වලංගු වන භෞතික විද්‍යා නියම ඒ තුල තිබෙන දේ වලට වලංගු වන්නේ නෑ හෝ නැතිනම් භෞතික විදයා නියම පවතින්නේ නෑ. ගුරුත්වය අනන්තයි, ඝනත්වය අනන්තයි ( කලු කුහරයක මධ්‍යයය මෙවැනියි) , ආරෝපණය වගේ ශක්ති හෝ බල කිසිවක් නැහැ. එය තුල වෙන් වෙන් වශයෙන් පෙන්විය හැකි තොරතුරු නැහැ. මෙන්න මේ අවස්තාවට තමයි initial singularity කියලා කියන්නේ. මෙන්න මේය පුපුරා යාමෙන් පසුව කෙමෙන් කෙමෙකන් ක්වොන්ටම් අංශු බිහිවී ක්ෂ්‍රේත්‍ර බිහිවී ඒ හරහා පරමාණු බිහිවී ඒවා හරහා විශ්වය බිහිවුනු බවයි මහා පිපිරුම් වාදයෙන් කිය වෙන්නේ. මෙන්න මෙයින් පසුව යම් යම් ආකාර වලින් පරමාණු අහඹු ලෙස එකතු වීමෙන් ජීවයට හේතුවන ප්‍රෝටීන ඇතිවුනු බවත් පසුව ඉන් ජීවය හටගත් බවත් අද විද්‍යාවේ පිලිගැනෙනවා.

මෙතන ඉදන් තම ඇත්තටම අපේ මාතෘකාවට අදාල වන දේ පටන් ගන්නේ.

මේ අහඹු ලෙස ජීවය ඇති උනා යැයි පැවසීමකොතරම් තාර්කිකද ? මේ පිලිබදව ඉතා දීර්ග කාලයක සිට විවිධ ගණතඥයින් විද්‍යාඥයන් ආදීන් අතර විවාද සිදු වෙනවා. එක් ආකාරයකට කල ගණනය කිරීම් අනුව විවිධ පරමාණු අනු විවිධ ලෙස එකතු වී නිවැරදි එක් ප්‍රෝටීන අනුවක් අහඹු ලෙස තැනීමේ සම්භාවිතාවය 10^ 113 එකක් පමන වන බව පැවසෙනවා. (http://www.originthefilm.com/mathematics.php) සාමාන්‍යයෙන් මෙහිදී 10^50 වඩා අඩු සම්භාවිතාවයක් තිබෙන දේ පිලි ගැනනෙන්නේ සිදුවීමේ හැකියාවක් ඇති දේ නොවෙ කිසිදා සිදු නොවන දේ ලෙසයි.මේකට හේතුව අප උඩින් සදහන් කල ආකාරයට ගනනය කර ඇති විශ්වයේ ග්‍රහලෝක ප්‍රමාණය පවා ඊට වඩා බෙහෙවින් අඩු අගයක් වීම. එසේම මේ ආකාරයෙන් මනුශ්‍ය ශරීරයේ ප්‍රෝටීන් එන්සයිම සියල්ලම නිදපවීමේ සම්භාවිතාවය දහයේ මිලියන තුනක බලයට ආසන්න බව දැක්වෙනවා. මෙහිදී සැලකිය යුත්තක් වන්නේ ජීවයේ පරීනාමයේදී සිදු වන්නේ අක්‍රමවත් අණු ක්‍රමක් ක්‍රමයෙන් නිශ්චිත රටාවකට එකතුවීමෙන් . එනම් අකමික බවේ සිට ක්‍රමිකත්වය දක්වා. සසම්භාවි ක්‍රියාවන් සම්බන්ධයේදී භෞතික විද්‍යාවට අනුව මෙය නිවැරදි වන්නේ නැහැ. මොකද විශ්වය සැම විටම ඉදිරියට යන්නේ ක්‍රමවත් බවේ සිට අක්‍රමවත් බව දක්වා. එන්ට්‍රෝපිය කියන්නේ මේකයි. උශ්නත්වය වැඩි තැනේ සිට පහලට යෑම මෙයට උදාහරනයක්.

මහාචාර්යය ස්ටීවන් හෝව්කින්ද මේ ජීවය අහඹු ලෙස ඇතිවීමේ හැකියාව ඉතාමත් සුලු බව පිලිගත්තා. නමුත් ඔහු වෙනස් ග්‍රහ ලෝක වල ජීවය තිබීමට සම්භාවිතාවයක් ඇති බව පිලිගත් කෙනෙක්. ඔහුගේ තර්කය්ක උනේ ඔබට ලොතරය්යක් ඇදීමේ සම්භාවිතාවය ඉතාමත් අඩු විය හැකි වුවත් සෑම සතියකදීම ලොතරයිය කවුරුන් හෝ දිනා ගන්නා බව ඔබ දකිනු ඇත යන්නයි. නමුත් මෙතන ජීවය සම්බන්ධව පවතින අතිශය සංකීර්ණ සැකැස්ම අනුව සැලකුවහම ලොතරයියේ කතාව ඉතාමත්ම සුලු නොවැදගත් තර්කයක් බව පෙනී යනවා. අනෙක් අතට විශ්වයේ සියලු ජීවය සුදුසු යැයි පෙනන ග්‍රහ ලෝක සියල්ලේම මෙවැනි අහඹු අනු සැකසීමේ ක්‍රියාවලීන් දිගින් දිගටම පැවතිය යුතුයි.

නමුත් තවත් තර්ක වලට අනුව අහඹු ලෙස පරමාණු අනු එකතු වී ප්‍රෝටීන සෑදීම සදහා තත්පරයකට මිලියන ගනනින් සසම්භාවි ලෙස පරමාණු එකතු වෙමින් නැවත නැවත සිදු වුනත් නිවැරදි ප්‍රොටීන ආකෘතියක් බිහිවීමට ගත වන කාලය විශ්වය බිහිවීමට ගතවූ කාලය ලෙස සලකන අවුරුදු බිලියන 13.5 ට වඩා අතිදීර්ඝ කාලයක් විය යුතු බවටත් පෙන්වා තිබෙනවා.

මේ මේ සම්භාවිතාවයේ අඩු බව පිලිබදව පෙන්වීමට සමහර විද්වතුන් පෙන්වන එක් උදාහරනයක් තමයි යම් සුන් බුන් ගොඩක් හරහා මහා සුලගක් හමාගෙන ගියහම අන්තිමේ එතන අංග සම්පූර්ණ බෝයිං 737 ගුවන් යානයක් අර සුන්බුන් අතරින් තැනී තිබීම වගේ කියන එක. ඇත්තටම ජීවයේ සංකීර්ණ බව පිලිබදව සිතුවහම ඒක නිවැරදී. නියම තර්කය විය යුත්තේ මෙන්න මෙවැන්නක් . හරියට බෝයින් 737 යානයකට අවශ්‍ය සියලුම මූල ද්‍රව්‍ය යම් ග්‍රහ ලොවක ඕනෑ ම ලෙසකට විසිරීමට එකතු වීමට හැකි ලෙස පවතී නම් කවදා හෝ පරිණාමය තුලින් බෝයින් 737 යානයක් මතු වීමේ සම්භාවිතාවය කුමක්ද ? අනිත් අතට මිනිසා මොලය පමණක් සැලකූවිට බෝයින් 737 යානයකට වඩා අතිශයින්ම සංකීර්ණයි. සිරුර ගැන හිතලා බලන්න.

උඩ දක්වපු සම්භාවිතාවය සම්බන්ධ ගණන් හිලව් විද්‍යාඥයින් ගණිතඥයින් වගේම ගවේශකයින් පවා විවිධ ආකාර වලට ගණනය කර තිබෙනවා විවිධ තැන් වල සොයා බලන්න පුලුවන්. නමුත් ගන්නා සාධක අනුව සම්භාවිතාවයන් එක් එක් ආකර වලට වෙනස් වුවත් ඒ සියලු තැන් වලින් පෙනෙන දේ තමා අහඹු ලෙස ජීවය ඇතිවීමේ හා පරිණාමය වීමේ සම්භාවිතාවයේ අවම බව. මෙක තව වෙනස් වෙනස් අකාර වලිනුත් විවිධ අය හදලා පෙන්වන ආකාරයත් දැක ගන්න පුලුවන්. මේ අවිනිෂ්චිත බව පෙන්වන අලුත් සමීකරණයකුත් 2016 වසරෙදී න්ර්මාණය උනා.
https://www.space.com/33374-odds-of-life-emerging-new-equation.html

මම කිව්වනේ කොහමො උනත් මෙතන ලොකු විවාදයක් යනවා කියලා මේ ගැන. පෙනෙන විදිහට විද්‍යාත්මක දත්ත හරහා බැලුවොත් සම්භාවිතාවයේ තිබෙන අඩුපාඩුව නිවැරදී. මනුෂ්‍යය ජීනෝම් එකක පවා ගිගා බයිට් 1.5 පමන තොරතුරු අඩංගු වෙනවා. (6×10^9 base pairs/diploid genome x 1 byte/4 base pairs = 1.5×10^9 bytes). අලුත් සෛල නිර්මාණයේදී ක්‍රමිකත්වයත් වැදගත්.ප්‍රෝටීන් බිහිවීමට RNA අවශ්‍යයි RNA බිහිවීමට ප්‍රෝටීන් අවශයයි. ඒ නිසා මෙයින් මුලින් පැමිනියේ කුමක්ද වගේ තවමත් හරි හැටි උත්තර නොමැති ගැටලුත් ඇදිලා එන්නේත් මෙතනටමයි.

කොහොම හරි මේ සියල්ල යට කර ගෙන තමා අද මේ පරිඝනකයක් හදාගෙන මේ ලිපිය මෙහෙම කියවන ගමන් තව නොයෙකුත් දේ සිතන ඔබ කියන කෙනා ඇති වෙලා තියෙන්නෙත්. එහෙම නැතුව නිකම්ම ඇමීබාවෙක් විතරකුත් නෙමෙයි.

මෙච්චර උනත් සම්භාවිතාවයේ විශාලත්වය මෙතනින් නතර වෙන්නෙත් නැහැ. පෘතිවිය ගත්තොත් මෙහි නියමිත උශ්නත්වයේ වතුර , සූර්යයාගේ සිට නිවැරදි දුර , සූර්යයාගේ උශ්නත්වය කාලගුණය, වගේ සියලු සාධකත් නිවැරදි ලෙසම පිහිටලා තියෙනවා. ඒ වගේම භෞතික විද්‍යාවේ එන ඉලෙක්ට්‍රෝණයක ආරෝපනය, ගුරුත්වාකර්ශන නියතය වගේ ප්‍රධාන බල පහේ අගයනුත් ඒ තියෙන ප්‍රමාණ වලට වඩා සුලුවෙන් හෝ වෙනස් උනොත් ජීවයට අවස්තාවක් ලැබෙන්නේ නැහැ. පහල තියෙන අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණ දෙස බලන්න. ඔතන එක සමීකරණයක් තිබුනට මෙයට ක්ෂේත්‍ර සමීකරණ කියන්නේ m සහ v මගින් නිරූපනය වන ත්‍රිමාණයට කාලය එකතු වෙලා හැදෙන චතුර්මාණික අවකාශය ඉන් නිරූපනය වන නිසා. m සහ v 1 සිට හතර දක්වා විවිධ අගයන් ගන්න පුලුවන්. මෙය විවිධ විසදුම් හරහා තමයි සාමාන්‍යය සාපේක්ෂතාවාදයට අදලා අවකාශය වක්‍රතාව නිසා විශ්වයේ නොයෙකුත් ස්වභාවයන් පිලිබද අනුමාන ලබා ගෙන තිබෙන්නේ. කලු කුහර පිලිබදව පවා. මෙය අයින්ස්ටයින් උණත් වසර ගනනාවක උත්සාහ කර නිපදවූ සමීකරණයක්.

මෙහි මේ කැපිටල් ලැම්බ්ඩා වලින් දැක්වෙන නියතයේ නම cosmological constant . මෙයින් නිරූපනය වන්නේ අදුරු ශක්තියයි. එනම් විශ්වයේ ප්‍රසාරණයට හේතුවන ශක්තිය මෙයින් නිරූපනය වනවා. මෙය නොමැති නම් සමීකරණය සරලවම ප්‍රයෝගික නැහැ. මෙයින් නිරූඵනය වන අගය නමුත් ඉතාමත් සුලු අගයක් . එනම් හිස් යැයි සලකෙන අවකාශයේ ඇති ශක්තිය 2.888×10^−122 මෙයින් තමා වර්තමන විශවයේ ත්වරනය වෙමින් යන ප්‍රසාරණය පෙන්වන්නේ. මෙන්න මේ ඉතාමත්ම කුඩා සුලු අගය යම් දශමයකින් වැඩි වුනා නම් විශ්වයේ ප්‍රසාරණය මීට වඩා වේගවත් වී පරමාණු ආදිය නොතැනීමට ඉඩ තිබුනා. ගුරුත්වය යටතේ පදාර්ත එකිනෙක එකතු නොවීමට තිබුනා. (ඇත්තටම නියතයේ මූලික අවශ්‍යතාවය උනේ ගුරුත්වය යටතේ සිදුවන නිරන්තර හැකිලීමට ප්‍රතිවිරෝධයක් ලෙස මෙය යොදා ගෙන විශ්වය පැහැදිලි කිරීම. නැතිනම් මේ සමීකරනය විශ්වයේ ගුරුත්වය යටතේ බැලන්ස් වෙන්නේ නැහැ. එය හැකිලීමට භාජනය විය යුතුයි. එය ප්‍රයෝගික දැනුම සමග නිවැරදි නැහැ. එය දශමයකින් අඩු වූවා නම් ගුරුත්වය යටතේ සිදුවන කඩා වැටීම වැලකෙන්නෙත් නැහැ. ඒ නිසා මෙය තිබෙන්නේ ඉතාම නිවැරදි ස්ථානයක.

මෙන්න මේ ආකාරයේ සිය ගණන් විවිධ භෞතික විද්‍යාත්මක මෙන්ම ජීව විද්‍යාත්මක පවා විවිධ නියත, නීති , ආදී මේ සියල්ලම මේ ආකාරයෙන් නොමැතිව සුලුවෙන් හෝ එකකින් වෙනස් වූවා නම් ජීවය නොපැවතීමට ඉඩ තිබුනා. මේ වගේ කිසිදාක සිදුවිය නොහැකි බව පෙනන අසාමාන්‍ය සම්භාවිතාවක් තුලින් ජීවය බිහිවීමත් එයට සරිලන ලෙසම තවත් විශාල නීති රැසක් ජීවය සදහාම මෙන් නිෂ්චිතවම සකස් වීමත් සිදු වීම නිසා විවධ විද්වතුන් විශ්වය නිසා ජීවය ඇතිවූවා නොව ජීවය සදහා විශ්වය තැනී ඇති බවට තර්ක කලා. මෙන්න මේ පෘතිවියේ ජීවය සදහා සැකසුනු විශ්වය පිලිබද වාදය Fine tuned universe නැතිනම් සකසන ලද විශ්වය ලෙස හැදින්වෙනවා.

ඉිතන් මේක දැන් ලොකු වාදයක්නේ. ඔන්න ඉතින් දැන් හැමෝටම තේරේවි මේ වාදයේ දෙපිරිස කවුද කියලා. ඔව් නැචුරලිස්ට්ලා සහ තීසියස්ට්ලා. දේව නිර්මාණ වාදීන් මේ ක තමුන්ගේ දෙවියන් වහන්සේ විසින් විශ්වය නිර්මාණය කරන ලද බව පෙන්වීමට බෙහෙවින් තර්ක කරනවා. අනෙක් පිරිස විවිධ අදහස් පල කරමින් විශ්වයේ බොහෝ ස්තාන ජීවයට සුදුසු නැත, විශවයේ ජීවයට හානි කරවෙන ක්‍රියාවන් බෙහෙවින් සිදුවේ ඒ නිසා එපමන සිතිය යුතු නැත වගේ කතා කියමින් අනෙක් පසට අදිනවා. සේන් කැරෝල් වගේ විද්‍යාඥයින් ගෙනන තර්ක අතර විශවයේ නියත මීට වඩා වෙන් වුවහෝත් ජීවය නොපවතින බව කීමට අපට නොහැකී මොකද අපි දකින්නේ එම නියත පමනක් නිසා සහ මෙම නියතතයන් වෙනස් විය හැක වගේ තර්ක ගෙනෙනවා. නමුත් මගේ දැනුමේ හැටියට ඒවා ඉතාමත් දුර්වලයි. දේවාදීන්ට මෙන්ම ස්වභාව වාදීන් යන දෙගොල්ලගේම ඔප්පු කිරීම සදහා අවසානයේ ගෙන එන තර්ක ඉතාමත්ම දුර්වලයි. දෙවියන් වහන්සේ පවතින්නත් ඉතින් ඔය අහඹු බවම හේතුවිය යුතුයි. සේන් කැරොල් වගේ අය අවසානයේදී බහු විශ්ව ගැන කරලා නවතිනවා නමුත් ඒවා ගැනත් කිසිම සාක්ෂියක් නොමැති බව දැන දැන. නමුත් සමහර ආගම් වාදී නොවන විද්‍යාඥයින් තුල පවා මේ Fine tuned universe මතය දැඩි බලපෑමක් ඇති කලා. simulated universe වගේ මෙන්ම Holographic Universe, බයෝෙසෙන්ට්‍රිනිසම් වගේ වාද විවිද විද්‍යාඥයින් අතින් බිහිවීමට ප්‍රධාන බොහෝ ආකාර වලින් හේතු උනේ මෙන්න මේ විසංවාදයයි. මේ ගොඩක් වාද බිහි කලේ භෞතික විදඥාශයින්ම වීමත් මෙහිදී විශේෂයි. ඔවුන්ට ආගමික මුහුනු වරින් ඉවත් වෙලා හෝ මේ පිලිබදව වෙනත් කෝන වලින් බලන්න අවශ්‍ය නේ මේ ගැටලුවේ ඇති සංකීර්ණ බව නිසාමයි.

ඉහත දක්වපු සම්භාවිතාවන් දෙස බලන්න. මෙතන හොදම දේ සිදුවන්නේ පෘතිවියෙන් එහා තවත් තැනක ජීවයක් සොයා ගත් විටයි. එතකොට අර සම්භාවිතාවයේ ලගු බව තවත් ඉහල යනවා. තවත් ග්‍රහලෝකයක හොයා ගත්තොත් ඒක තවත් ඉහල යනවා . මේ විදිහට ග්‍රහලෝක සියයක ජීවය සොයා ගත්තොත් අර සම්භාවිතාවයේ ලඝු බව තවත් සිය ගුණයකින්ම ඉහල ගිහිල්ලා.

ඉතින් පැහැදිලිව පේනවා මේ මත දෙකේම ලොකු අඩුපාඩුවක්. හරියට නූලක් උඩ ගමන් කරන කෙනෙක් වගේ . මෙච්චරත් කරුනු නිසාත් සංකීර්ණ බව මදිනම් පරාමණු එකතු වෙලා අන්තිමේදී සිතිවිලි ඇති වුනු ආකාරයත් හිතලා බලන්න, හැගීම් වේදනා, සංවේදන, ක්‍රයාවන් වගේ දේත් හිතලා බලන්න. ඒ හරහා තියරි වගේ දේ නිර්මාණය වීමත් හිතන්න. කොහොම නමුත් මෙයටතරමක හෝ සාර්තක පිලිතුරක් ලබා දෙන යම් වාදයක් එලියට ආවා 2007 බයෝසෙන්ට්‍රිනිසම් කියලා. මේ වාදයේ කිය වෙන්නේ ජීවය හා පදාර්තය එකටම පැවතිය හැකි බව සහ එහි මුලක් නොමැති බව. එනම් පදාර්තය නිසා ජීවය ඇතිවීම සිදු විය නොහැකියි. අප දකින පදාර්තයේ වෙනස් කම් තමා ඉපදීම මරණය වගේ පේන්නේ. ඒ හැර සත්ත්වයාගේ මනසේ විනශයක් සිදු වන්නේ නෑ. මෙය බොහෝ දුරට බුදු දහමේ දේශිතය සමග ගැලපෙනවා. නමුත් මෙහිත් අගට සමාන්තර විශ්ව සහ අනෙකුත් සියලු විවිධ දේ අඩංගු වනවා නමුත් මෙය ඉදිරිපත් කල භෞතික විද්‍යාඥ්‍ය රොබර්ට් ලන්සා පෙන්වා සිටියා සමීකරණ වලට මනස අදාල කිරීමේ වැදගත් කම. එය නිවැරදියි. මම නිතර කියනවා වගේ මේ සෑම දෙයක්ම හදුනා ගැනීම් නිසයි පවතින්නේ . අපි පරමාණු ටිකක් එකතු වෙලා සත්ත්වයෙක් හැදුනා කිව්වට ඒ පරමාණු ටික කියන එකෙන් කිය වෙන්නේ අපේ හදුනා ගැනීම. එතකොට පරමාණු ටිකක් පරමාණු ටිකක් පරමාණු ටිකක් ලෙස හදුනා ගත්තා කිව්වොත් ඒ කතාව නිවැරදි වන්නේ නැහැ නේද ?

මීට වඩා මේ සියල්ලටම බුදු දහම තුල තියෙනවා හොද පැහැදිලි කිරීමක් දීලා මේ දෙගොල්ලන්ටම අදාල නොවන. ඒ තමයි තියන නිසා දකින්නෙත් නැහැ, යමෙක් කරපු නිසා දකින්නෙත් නැහැ, දකින නිසයි තිබෙන්නේ. මේ ගැන හිතලා බලන්න නිවැරදි නැද්ද කියලාදකින නිසා තියෙනවා. ඒ වගේම තියෙන නිසා තමා දකිනවා. අන්‍යෝන්‍ය සම්බන්ධය. කොතනද මේක පැහැදිලිවම පෙන්වන්නේ? පටිච්ච සමුප්පාදයේ නාම හා රූප ගැන කියන්නේ ඔතන තමා. නාමය යනු හදුනා ගැනීම . රූපය යනු වෙනස් වන පදාර්තය. නම් දම දම රූප බෙදා වෙන් කිරීම කරන්නේ විඥ්ඥානය. නමුත් විඤ්ඥානය කියන්නේ මායාවක් . ඒ කියන්නේ අර එකම ප්‍රොසස් එකක් උනාට මෙතන බෙදා ගැනීමක් තියෙනවා. හරියට ගංගාවක මැද තියෙන දිය සුලියක් වගේ. ඒකත් වතුරම තමා . නමුත් බෙදා වෙන් කර ගැනීමක් තියෙනවා. ඒ බෙදා වෙන් කර ගැනීම තුල පෙනෙන වෙනස් වීඹ තමා කාලය වන්නේ. එතකොට ඔතනදී එය සිදුඋනේ කවදාද කියලා අහන ගැටලුව පවා වැරදියි. තේරුනාද ??? එහෙමනම් මේ සියලු නියත, නීති අගයන් තියෙන්නේ කොහෙද ? තමුන් තුලයි. මේ ගැටලුවට තියෙන එකම විසදුමත් තරමට නිවැරදිම පිලිතුරත් මේකම තමයි. හිතලා බලන්න. එතකොට අර සංකීර්ණ සත්ත්වයින්ව දකින්නේ හැදිලා තියෙන්නේ කොහොමද ? හැදීමක් නැහැ. වෙනස් වන දෙය තුල දකින රූප පමනයි .වෙනස් වීම තුල වෙනස් විය හැකියි වගේම දකින ආකාරයත් වෙනස් විය හැකියි. මේක නිවැරදි නැද්ද අර සියල්ලට වඩා ? එන ඉතුරු ගැටලුවලට තමුන්ම උත්තර හොයා ගන්න . ඒක අමාරු නෑ 🙂 මේ ගැන මීටත් වඩා තවත් සරලව උදාහරන සහිතව පැහැදිලි කිරීම් කරන් න පුලුවන් එය ඉදිරියට. අනික මේවට ප්‍රයෝගික සාධක පෙන්වන් පුලුවන් වගේම අර පරිනාම වාදය තුල අද දැනුමේ බොහෝ තැන් මේ තුලට ඇදලා දාන්නත් පුලුවන් අර මුල බිහිවීමේ කතා ආදිය හැරහැමදාම අහන කතාවක්නිසා මේ ටික කියන්නත් ඕනේ මේක දැම්මේ කාවවත් මේ බන කියන්නවත් එහෙම නෙමෙයි. මෙහෙම දෙයක් තියෙනවා කියලා පෙන්වන්න. ඒ හැර එයින් කැමති ආකාරයට ප්‍රයෝජන ගැනීම තම තමුන්ගේ කැමැත්ත. විද්‍යාව වෙනමයි කියලා හිතනවා නම් ඒකට අදාල දැනුම තියෙනවා උඩ ඕනෙ තරම්.

මෙන්න මේක බැලුවනම් උඩ කියපු කතාව හොදින් තේරෙයි. https://www.facebook.com/…/permalink/422408618366410/

sean carrol සකස් කල විශ්වය පිලිබදව https://www.youtube.com/watch?v=Z9O5wXsgqrc

ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයකු හා ගුරුවරයකු මෙන්ම හොලොග්‍රැපික් විශෟවය සංකල්පයේ ප්‍රධානියෙක් වන Dr. Leonard Susskind සත්ත්වයාට සැකසුනු විශෟවය පිලිබදව https://www.youtube.com/watch?v=2cT4zZIHR3s

සසම්භාවී ලෙස එක් ප්‍රෝටීනයක් සැකසීමේ අඩු සම්භාවිතාවය ගැන අපූරු වීඩියෝවක්

https://www.youtube.com/watch?v=W1_KEVaCyaA&t=4s

එහිම ගණිතමය විග්‍රහය

http://www.originthefilm.com/mathematics.php

the probability of making a protein

https://www.youtube.com/watch?v=cQoQgTqj3pU

DNA, Probability And Fallacy

https://www.science20.com/phi…/dna_probability_and_fallacy

ජීවය සදහා සැකසුන් විශ්වය -Stanford archive

http://quake.stanford.edu/~bai/finetuning.pdf

Fine-Tuning - තර්ක (supporting and against) - Standford philophy

https://plato.stanford.edu/entries/fine-tuning/

ජීවය මුල් කර ගත් විශ්වය පිලිබද ආකෘතියක් http://www.robertlanzabiocentrism.com දැනුම බෙදා ගන්න ශෙයා කරන්න.

🙂

🙂

🙂

🙂

🙂

🙂

Comments

comments powered by Disqus